14 October, 2016

වැඩියෙන්ම රස විස්කිද? බ්‍රැන්ඩිද?

තනුජා රැඩිකල් වුණේ වයසත් එක්කමද?

ඔව්. තේරෙන කාලේ ඉඳලම මම වෙනස්. ගඩොල් බිත්තියක වෙනස් ගඩොලක්. හැබැයි ඒකට කියන්නේ රැඩිකල් ද කියලා නම් මම දන්නේ නැහැ.

ආදරේ කරන්න ඕන කාලේ තනුජා මොනවද කළේ?

අනික් අය ආදරේ කරද්දී කරන බොළඳ වැඩ සියල්ලත් කරමින් මමත් ආදරය කළා. ඉස්සරහටත් කරයි.

සිරාවට දැනුණේ කී වැනි ආදර කතාවද?

ඒක පෞද්ගලිකයි.

කෙල්ලෙක් හින්දා ලව් ඇතුළේ සෙකස් ඕකේද?

ඇයි ඕකේ නොවන්නේ මට නම් සෙක්ස් ඕකේ. හැබැයි ඒ නිසි වයසට ආවට පස්සෙ.

මේ සමාජ ක්‍රමය ඇතුළේ ඒ කතාව සාධාරණයිද?

කවුද කියන්නේ අසාධාරණයි කියලා? සමාජ රෝග හදාගන්නේ නැතුව, ආත්ම ගෞරවය කෙලෙස ගන්නේ නැතුව. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් තොරව, තමන්ගෙ සීමාව දැනගෙන ඒ වින්දනය ලැබීමේ ගැටළුවක් නැහැ.

ලව් කරන්න ගිහින් රිද්ද ගත්තු තැන් තියෙනවාද?

ඔව්. හැබැයි මම ඒක මූණෙන් පෙන්නන්නේ නෑ.

ඉරුණු ඩෙනිම් අඳින්න කලින් ට්‍රයි කරපු ෆැෂන් මොනවාද?

නෝමල් ඩෙනිම් ඇන්දා. ත්‍රීක්වාට ඇන්දා.

තනුජා කොල්ලෙක් වගේ වෙන්න පටන් ගත්තේ කවදාද?

වෙන්න පටන් ගත්තේ නෑ. කොහොමත් එහෙම තමයි.

දිග කොණ්ඩයක් තිබුණු කාලය මතකද?

තිබ්බා. ඒ ලෙවල් කරන කාලේ. ඒත් උරහිස ගාවට. එතැනින් පහළට නම් කවදාවත් වැවිලා නැහැ.

විරහ වේදනාවක් දැනුණාම මොකද කරන්නේ?

කබි අල්විදා නා කෙහෙනා ෆිල්ම් එකේ සිංදු ටික මුලින්ම අහනවා. ඊට පස්සේ හමාරේ අදුරි කහානි ෆිල්ම් එකේ තීම් සෝන්ග් එක අහනවා.

ඒ කාලේ හිතේ තියෙන දේවල් කියා ගන්න බැරුව අතරමං වුණු තැන් තියෙනවාද?

ඔව්. එහෙම තැන් ඕන තරම්. ඒවා මම මං ගාව තියෙන පොතක ලියලා තියෙනවා.

කට්ට කාලා ඉගෙන ගත්තේ මොනවාද?

ඉවසීම. දාහත් වසරක මාධ්‍ය ජීවිතය ඇතුළේ ප්‍රායෝගිකව පුදුමාකාර විදිහට ඉවසීම ඉගෙන ගත්තා.

වැඩියෙන්ම රස විස්කිද බ්‍රැන්ඩිද?

ඇත්තටම දන්නේ නැහැ.

අහිමි වීම් දරා ගන්න මොනවාද කළේ?

මොකුත් නෑ. මට මං ඉන්නවානේ. කවුරු නැතත් මම මාත් එක්ක ඉන්නවා.

අම්මා තාත්තාගෙන් ජීවිතේට ලැබුණේ මොනවාද?

හොඳ පෞරුෂයක් ලැබුණා. ඊට අමතරව මේ උසයි, දිග කනයි, මම ලස්සනයි නම් ඒකයි. කැතයි නම් ඉතිං කරුමේ.

ෆේස්බුක් එකේ නිතරම ලොග් වුණු තාරුණ්‍යය ගැන මොකද හිතන්නේ?

ජීවිතේ කියන්නේ ෆේස්බුක් නෙවෙයි. ජීවිතේ තියෙන්නේ හොඳ පොත පත ඇතුළේ, අත්දැකීම් බහුල මිනිස්සු ළඟ. ඒක සොයා ගැනීම තාරුණ්‍යයේ වගකීමක්.

thanuja-jayawardana

හංසි ආටිගල - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැඩියෙන්ම රස විස්කිද? බ්‍රැන්ඩිද?"

    Post a Comment