14 October, 2016

ඒ දෙන්නගෙ කට නිසා තමයි මේ සේරම!

අත ලකුණින් ඡන්දෙ ඉල්ලන්න තීන්දු කරපු කස්ටියගෙ ජ්‍යෙෂ්ඨයො පසුගියදාක සන්ධානෙ ලොකුම ලේකම් පට්ටමක් දරන ඇමැති සයිස් මහත්තයකුගෙ ගෙදරදි රුස්වුණා කියලා ආරංචියක් යනවා.

උන්නැහේල අතරෙ දැනට පක්ෂයෙ බර අදින හත් අට දෙනෙක්ම හිටියලු. 

මේගොල්ල එතෙන්දි සාකච්ඡා කරල තියෙන්නෙ පක්ෂයේ අනාගතය හදාගන්න කළයුතු දේවල් ගැනයි.

හොඳට කෑමෙන් බීමෙන් සන්තර්පනය වුණාට පස්සේ මේ ගොල්ලො උගුරට හොරා බේත් කන්නෙ නැතුව ඇත්තම කතා කරමු කියල විවෘත සංවාදයක් පැවැත්වුවලු....

පක්ෂයේ ඉදිරි ගමනට මහින්ද පිලෙන් එල්ලවෙන බාධක ගැන කතා කරද්දි එතන හිටපු ජ්‍යෙෂ්ඨයො දෙතුන් දෙනෙක් කිව්වලු කාටවත් දොස් කියන්න කලින් අපේ පැත්තෙ තියන අඩුපාඩු ටික හදාගන්න බලමු කියලා...

ඊළඟට කවුරැත් වගේ කතාකරලා තියෙන්නෙ දකින්නට ඇති අඩුපාඩු ගැනයි.

"මේ අර්බුද මෙච්චර දුරදිග යන්න හේතුව අර දෙන්නගෙ කට.

කතාකරන්න ගියාම චාරයක් විචාරයක් නැතුව කතා කරනවා.... ඒකෙන් පක්ෂය නැතිවෙනවා. 

පාක්ෂිකයො මහින්ද ළඟට යනවා...."

කොළඹ පැත්තෙ එක්තරා ජ්‍යෙෂ්ඨයෙක් කිව්වා.... 

"සහමුලින්ම කතාව ඇත්ත." 

ළඟ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් ඒක අනුමත කළා. 

ඒක අහන් හිටපු ඌව පළාතෙන් ආපු කටකාරයෙක් කවුරු ගැනද ඔය කියන්නෙ කියලා ප්‍රශ්න කළා.

"කවුද ඉතින් අපේ තට්ට මෑනුයි අහවල් නෝනයි තමයි." 

කියල උත්තර ලැබුණ. ඊට පස්සෙ කවුරැවත් ඒ ගැන කතා කළේ නැතිලු.

cartoon-chandrika

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒ දෙන්නගෙ කට නිසා තමයි මේ සේරම!"

    Post a Comment