13 October, 2016

ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹට ආපු සිසුවා කළ වැඩේ පෙම්වතියක් නිසා හෙළිවෙලා

ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ මුදල් ද සොරා ගත් බව කියන අවුරුදු 18ක තරුණයෙක් සහ අවුරුදු 16ක පාසල් සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුන් CCTV කැමරා සොරකමට පෙර අක්‍රීය කර ඉන්පසු සොරකම සිදුකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබනවා.

එම සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බවයි පොලිසිය පවසන්නේ.

තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිවී තිබෙන්නේ.

student-boy-girl-phone

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹට ආපු සිසුවා කළ වැඩේ පෙම්වතියක් නිසා හෙළිවෙලා"

    Post a Comment