15 September, 2016

මූත්‍රා කරන නැපි මාරු කරන ෆොටෝ FB දැම්මට ‘දුව මාපියන්ට එරෙහිව නඩු කියයි‘

ෆේස්බුක් සමාජ ජාලය වෙත නිකුත් කරනු ලැබූ ඡායාරූප කිහිපයක් හේතුවෙන් සිය දෙමව්පියන්ට විරුද්ධව නඩු මගට පිවිසි දුවක් ගැන පුවතක් වර්තාවනවා.

තමන්ගේ කුඩා අවදියේ ලබාගත් ඡායාරූප පෙළක්ව ඇයගේ දෙමව්පියන් විසින් ෆේස්බුක් වෙ මුදා හැර ඇති බව කියමින් ඇති වී ඇති මෙම ගැටළුව වාර්තා වන්නේ ඕස්ට්‍රියාවෙන්.

මෙම ඡායාරූප හේතුවෙන් සිය ජීවිතය දුක්ඛිත තත්වයට ඇද වැටී ඇති බවයි ඇය පවසන්නේ.

මෙලෙස ඇයගේ කිසිදු අවසරයකින් තොරව 2009 වසරේ සිට ඡායාරූප 500කට අධික ප්‍රමාණයක් ෆේස්බුක් වෙත මුදා හැර ඇති බවයි ඇය පවසා තිබුණේ.

ඇයගේ නැපි මාරු කරන ඡායාරූප වගේම මුත්‍රා කරන ඡායාරූප ද මේ අතර වන බවටයි ඇය චෝදනා කරන්නේ.

මේ අතර ඇයගේ නීතිඥයා පවසා තිබෙන්නේ ඇයට මෙම නඩුව ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තරුනියගේ පියා අදාල ඡායාරූප ෆේස්බුක් වෙතින් මකා දැමීමට විරුද්ධ වී තිබෙණවා.

කෙසේහෝ ඇය මෙම නඩුව ජයග්‍රහණය කලොත් ඇගේ මව්පියන්ට විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි සඳහන් වන්නේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මූත්‍රා කරන නැපි මාරු කරන ෆොටෝ FB දැම්මට ‘දුව මාපියන්ට එරෙහිව නඩු කියයි‘"

    Post a Comment