12 September, 2016

ගුවන් ටිකට් පතට, ලීසින් වලට VAT වදින ලකුණු

රජයේ ආරංචි මාර්ග වලට අනුව අවසන් මොහොතේ සිදුකළ වෙනස්කම් වැට් බදු සංශෝධනය පණතට එක් කර නැත. 

නමුත් එහි අන්තර්ගතය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රධාන පාර්ශවයන් දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇතිව ඇත. 

මේ හමුවේ පණතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ ගැටලූවක් නොමැති බව එම ආරංචි මාර්ග අනාවරණය කර ඇත.

වැට් බද්ද සියයට 11 සිට 15 ක් දක්වා ඉහළ දැමිමට කැබිනට් මණ්ඩලය පළමු වතාවට තීරණය කළ පසුගිය මාර්තු 04දා එකඟතාවය පළවූ මූල්‍ය ඉලක්කයන් සපුරාගනු වස් මෙවර වැට් බදු සංශෝධණයට සිදුකර ඇති වෙනස්කම් පහත පරිදි වේ.

කාර්තුවකට රුපියල් ලක්ෂ 37.5 නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 150 සීමාවේ සිට, කාර්තුවකට රුපියල් ලක්ෂ 30 නැතහොත් වසරකට රුපියල් ලක්ෂ 120 සීමාව බදු අයකරගැනීමේ සීමාව පහත දැමිම.

තොග හා සිල්ලර වෙළදාම් ක්ෂේත‍්‍රය මත වැට් බදු පැනවීම, තොග හා සිල්ලර වෙළදාම් ක්ෂේත‍්‍රයෙන් අයවිය යුතු බදු ආදායම වසරකට රුපියල් ලක්ෂ 500 ක් ලෙස සංශෝධනය විය යුතුය, නිවාස ව්‍යාපෘති හැර වෙනත් ව්‍යාපෘති සඳහා ලබාදී ඇති බදු සහන ඉවත් කිරීම,

වැට් බදු ගෙවීම සදහා ලියාපදිංචිව නොමැති පුද්ගලයින්ගෙන් සිදුකරන මිලයට ගැනීම් වගවීමක් ඇතිව සටහන් කැරෙන පද්දතියක් ස්ථාපනය කිරීම, රෝග නීර්ණ සේවා, බාහිර රෝගි අංශ සේවා හැර සැපයෙන වෙනත් පෞද්ගලික වෛද්‍ය සේවා, ජනසන්නිවේදන සේවා, සීනි සහ වෙනත් පැණිරස කාරක එක්කළ කිරිපිටි වර්ග, වැට් බද්දෙන් නිදහස් කිරීම.

වැට් බද්දට පහත දැක්වෙන ක්ෂේත‍්‍රයන්ද ඇතුළත් කරගැනීම මුදල් අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසේ.

ශී‍්‍ර ලංකාවේ ගුවන්තොටුපලක සිට ශී‍්‍ර ලංකාවෙන් පිට ගුවන්තොටුපලකට යන ගුවන් මගීන් ලබාගන්නා ගුවන්ටිකට් පත් මත සියයට 15 ක වැට් බදු පැනවීම, කල්බදු ලබාදීමේ පහසුකම්ද වැට් බද්ද යටතට ගැනීම.

ඩොලර් ලක්ෂ 5 ක ආයෝජන පිරිවැයක් නොඉක්මවන ව්‍යාපෘති සදහා කෙරෙන සැපයුම්, බද්දට දීම් සහ කුලියට දීම් වෙනුවෙන් ලබාදී තිබූ බදු සහන සීමා කිරීම. (2015 නොවැම්බර් මස පළමුවැනිදාට පෙර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති මත සහ 2016 ඔක්තෝබර් මස පළමුවැනිදාට පෙර වෙළඳ ගිවිසුම් ඇතිකරගන්නා ව්‍යාපෘති මත මෙම තීරණය කි‍්‍රයාත්මක නොවේ.)

ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ ඇගලූම් සමාගම් වෙළදපලට නිකුත් කරන නිශ්පාදන වල ඒකක මිල රුපියල් 75 දක්වා ඉහළ දැමිම.

වැට් බද්ද කි‍්‍රයාත්මක වන්නේ 2002 අංක 14 වැනි වැට් පණත යටතේය. ආනයනය සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයන් මත බලපැවැත්වුනු වැට් බද්ද සියයට 11 ක සිට සියයට අටක් දක්වාද, සේවා සැපයීම් සදහා නියමව තිබූ වැට් බද්ද සියයට 11 ක සිට 12.5 ක් දක්වාද, ඉහළ දැමෙන සේ 2016 අයවැයෙන් මෙම පණත සංශෝධනය කර ඇත. 

සේවා සැපයීම් සඳහා වන වැට් බදු සංශෝධනය සිදුකෙරුණේ ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකක සිට හතරක් දක්වා ඉහළ දැමිමට යෝජනාවක් ඉදිරිපත්ව තිබීම හමුවේය. 

නමුත් මාර්තු මස හතරවැනිදා පැවැත්වුනු කැබිනට් මණ්ඩල හමුවේදී ජාතිය ගොඩනැගීමේ බද්ද එළෙසම තිබියදී වැට් බද්ද පමණක් ඉහළ දැමිමට තීරණය විය.



සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි - නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගුවන් ටිකට් පතට, ලීසින් වලට VAT වදින ලකුණු"

    Post a Comment