09 September, 2016

අවසන් මොහොතේ ‘ඩිල්ෂාන් ගැන‘ මැතිව්ස් කට අරී!



සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර අවසන් විස්සයි තරඟය ද අද අප පරාජය වුණා.

මෙය තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් විස්ස විස්ස තරඟයයි.

පසුගියදා ජාත්‍යන්තර එක්දින පිටියටද සමුදුන් ඩිල්ෂාන් අද තරඟයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා.

කෙසේ වෙතත් සිය අවසන් එක්දින තරඟයෙන් පසු ඩිල්ෂාන් නිකුත් කළ ප්‍රකාශ සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා.

ඔහු එහිදී ප්‍ර‍කාශ කළේ හිටපු නායකයන්ගෙන් තමාට සහයෝගය නොලැබුණු බවත් ඇන්ජලෝ මැතිව්ස් එහුගේ නායක්තවය යටතේ පන්දු නොයැවූ බවත්ය.

මෙම තරඟයෙන් පසුව පැවැත්වෙන තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වන අතර ඔහුට ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ඉදිරි තරඟ අහිමි වන බව පසුව නිවේදනය කෙරුනා.

ඩිල්ෂාන් වෙත මුහුණ දීමට ඇති අකමැත්ත මත මැතිව්ස් මෙසේ ඉවත්වුණ බවටද රාවයක් පැතිර ගියා.

කෙසේ වෙතත් අද තරඟයට ඩිල්ෂාන් වෙත සුභ පතමින් ඇන්ජලෝ මැතිවිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු එහිදී කියා තිබුණේ ඩිල්ෂාන්ගේ අති විශිෂ්ඨ ක්‍රීඩා දිවියට සුභ පතන බවයි..ඩිල්ෂාන්ට හොඳ සමුගැනීමක් ලබාදීමට කණ්ඩායමට හැකිවේවා යන්න ඔහු බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කියා සිටියා.

මැතිව්ස් නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින්…


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවසන් මොහොතේ ‘ඩිල්ෂාන් ගැන‘ මැතිව්ස් කට අරී!"

    Post a Comment