12 August, 2016

හන්තාන නායකත්ව පුහුණුවේ චන්දිමාල්ගේ සගයාට උසාවියෙන් දුන්නු තීන්දුවෙන් ක්ලාන්තය වෙයි

හන්තාන ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු වන නිමල් පීරිස් ඊයේ (11) මහනුවර මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත ඉදිරිපත් කළා.

එහිදී නිමල් පීරිස් අගෝස්තු 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමටයි මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ.

මේ අතර අත්අඩංගුවට පත්වූ ආයතන හිමිකරු චන්දිමාල් ගමගේ සමග ආයතනයේ පාලිකාව ඉමේෂා කුමාරි හා අයකැමිවරිය නුවන්දි වීරසිංහ ද ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි දැනගන්නට ලැඛෙන්නේ.

එමෙන්ම ඊයේ දිනයේ දී මහනුවර උසාවි සංකීර්ණය අසළට එකතු වුණු සිද්ධියට මුහුණදුන් දැරියන්ගේ මවුපියන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු අතර ඔවුන් කියා සිටියේ සැකකරුවන් වෙනුවෙන් උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි.

එමෙන්ම රිමාන්ඩ් භාරයට නියම වූ නිමල් පීරිස් නමැති ව්‍යාපාරිකයා හදිසියේ ක්ලාන්ත වීම නිසා රෝහල් ගත කළ බවත් ඔහු රෝහල් ගත කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා.

අධිකරණය අසල උද්ඝෝෂණයේ නිරතව සිටි දැරියකගේ පියකු කියා සිටියේ නීතිඥවරුන්ටද දරුවන් සිටිනා බැවින් සැකකරු වෙනුවෙන් නීතිඥ සහාය ලබා නොදෙන ලෙසයි.



Girls Sold At Leadership Academy 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හන්තාන නායකත්ව පුහුණුවේ චන්දිමාල්ගේ සගයාට උසාවියෙන් දුන්නු තීන්දුවෙන් ක්ලාන්තය වෙයි"

    Post a Comment