19 July, 2016

සිලින්ඩරයකට යටවී නොසිතූ ලෙස දිවියට සමුදුන් නිකිලි

අපි ටීවී එක බලා ගෙන හිටියේ. පස්සේ සද්දේට තමයි බැලුවේ...

එතැන එක ලේ ගොඩක්...

පසුගිය16 වනදා සිය නිවසේ සිටින අවස්ථාවේ දී වහලේ ලේන්නුන් විසින් උළු කැට අස්සෙන් උළු කැට බිඳින නිසා උන් එලවීමට නිවස අසල වු සිලින්ඩරයට නැගි පුංචි දැරියක් අවාසනාවන්ත ලෙසින් එම සිලින්ඩරයකටම යටවී මියගොස් තිබුණි.

දෙයියන්දර, දේවාලේගම බටහිර ගමේ පදිංච් ‍එම්.වි.කේ. නිකිලි තිසාරා නම් මෙම දැරියගේ ඇ`ගට හිතා ගත නොහැකි ආකාරයෙන් මෙම සිලින්ඩරය පෙරලී ඇති අතර සුළු වෙලාවක් තුල සිද්ධවූ මෙම සිද්ධිය නිසා ගම්වැසියන් මෙන්ම ඇයගේ ඥාතීන්ද පසුවන්නේ මහත් කම්පාවෙනි.

මුළු ගමට එළියක් දුන් ඇයගේ පුංචි හිනාව නිසාම ගමේ බොහෝ ජනතාව ඇයට පුදුම තරමේ ආදරයක් කරන්න විය. මව දරුවන් තිදෙනා තනි කර ගිය පසු පවුලේ ඉතිරි වූ මේ ජීවිත තුනට එළියක් වුනේ ආච්චි අම්මාය. ඇය සිය පණ මෙන් ඔවුන්ට ආදරය කරන්න‍ෙ විය.

යාපනයේ හමුදා කදවුරේ සේවයේ යෙදි සිටින තාත්තා මේ දරුවන්ගේ ඉදිරි අනාගත සාර්ථ කිරීම වෙනුවෙන් කටයුතු කළේ ය.

'අනේ මගේ දරුවා නැති වුනා ඇස් දෙක වගේ මම රැක ගත්තේ. අම්මා දාලා ගියාට පස්සේ හැම දෙයක්ම මේ දරුවන් වෙනුවෙන් මම සිදු කළා.

මට හිතාගන්ත බැහැ. සිදු වු සිද්ධිය කුමක් ද කියලා අපි හැමදාම මේ දරුවන් වෙනු වෙන් තමයි මම ජිවත් වුනේ. නමුත් මට හිතා ගන්න බැහැ.

මොකක් ද වුනේ කියලා අපි ඒ වෙනකොට ටීවී එක බලා ගෙන හිටියේ. පස්සේ සද්දේට තමයි බැලුවේ.

එතකොට තමයි නිකිනිගේ අක්කා ඇවිල්ලා මහ හයියෙන් කෑගැහුවේ මේ වගේ විපතක් නංගිට වුනා කියලා.

පස්සේ බැලුවාම තමයි මගේ දරුවාගේ ඇගට මේ සිලින්ඩරය පෙරලිලා ගිහිල්ලා තියෙන්නේ.

බැලුවාම එතැන එක ලේ ගොඩක් මට හිතා ගන්නවත් බැරි වුනේ මේ සිදු වුනේ කුමක් ද යන්න පිළිබඳව.

මම මහා හයියෙන් කෑගැහුවා, ගමේ අය එකතුවෙලා මගේ රත්තරන් පැටියාව ඉක්මනින් අපි ත්‍රිවිල් එකෙන් රෝහල ගෙනිච්චා පස්සේ තමයි කිවේ දොස්තර මහත්තුරු මගේ පැටියා නැති වෙලා'

කියමින් ආච්ච්ගේ ඇස්වලින් කදුළු කැට වැටෙන්නට විය.

නිකිනිගේ ජීවිතය මාරයා විසින් අවාසනාවන්ත ලෙසින් මෙලෙස උදුරාගනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත.

වැඩිහිටියන් ඇය පිළිබඳව තවත් විමසිලිමත් වූවානම් ගමක් හඬවා ඇය මෙලොව දමා යන්නේද නැත.


Unfortunate Death Of Girl

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිලින්ඩරයකට යටවී නොසිතූ ලෙස දිවියට සමුදුන් නිකිලි"

    Post a Comment