19 July, 2016

ලයිසන් එක නැතිවුණාට පස්සේ නොකළ වැරදිවලට රට වටේම උසාවිවලට එන්න කියලා සිතාසි එන අරුම පුදුම නීතිය

- රට වටේම තියන උසාවි වලට එන්න කියලා සිතාසි එනවා..
- මේ විදිහට ගියොත් මට හිගාකන්න තමයි වෙන්නේ...

උසාවියකින් දුන් නියෝගයක් පොලිසිය විසින් නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා නොකළ වරදකට රථවාහන වැරදි සම්බන්ධයෙන් උසාවි පැමිණෙන ලෙස සිතාසි ලැබීමේ සිද්ධියක් ගැන වාර්තා වනවා.

සූරියවැව හබරුගල පැත්තෙන් පදිංචි රාජපක්ෂ පතිරණගේ නීල් නමැති මේ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය නැතිවී අවුරුදු 4 ක් හා මාස දෙකක් ගතවී තිඛෙනවා.

ඉන් පසු ඔහුට විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් දිවයිනේ විවිධ උසාවිවලින් සිතාසි ලැබීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි පවසන්නේ.

තම රියදුරු බළපත්‍රය නැති වී ඇති බවට පොලිසි කිහිපයක මෙන්ම අධිකරණ වෙතද දන්වා තිබියදීත් විවිධ රථවාහන වැරදි සිදු කර ඇති බව පවසමින් අධිකරණයේ පෙනි සිටින ලෙසට මොහුට දිගින් දිගටම සිතාසි ලැඛෙන බවයි ඔහු පවසන්නේ.

36 හැවිරිදි වියේ පසුවන මොහු තිදරු පියෙක්.

තමන් පත්ව ඇති අසරණභාවය ගැන ඔහු මෙලෙස පැහැදිලි කළා.

'මම පදිංචි වෙලා ඉන්නේ සුරියවැව හබරුගල. මට ලමයි තුන්දෙනෙක් ඉන්නවා. මම රියදුරෙක් ලෙස කාලයක් වැඩ කලා.2003 වසරේ මම මාන්කුලම් පාර හදන කොට ටිපර් රථයක් වැඩ කළා.

කොහොම හරි අප්‍රේල් 28 වෙනිදා මගේ රියදුරු බලපත්‍රය මාන්කුලම් වලදි නැති වෙලා. මම ඒ බව දන්නේ නිවාඩුවට 28 වෙනිදා ගෙදර එනකොටයි. පස්සේ මම නැවත මාන්කුලම් වල රැකියාවට ගියේ නෑ රියදුරු බළපත්‍රය නැති නිසා.

මේ ගැන සුරියවැව පොලිසියට පැමිණිල්ලක් දමන්න ගියාම පොලිසියේ මහත්වරු කිව්වා ටික දවසක් බලලා නැතිනම් ඇවිත් පැමිණිල්ලක් දමන්න කියලා.

කොහොම හරි ලයිසන් එක ලැබුණේ නැති නිසා මම 2012 - 05 - 06 සුරියවැව පොලිසියේ පැමිණිල්ලක් දමලා ඒකේ පිටපතක් අරගෙන ගිහින් නැවත 2013-05- 08 දින හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් එක් සේවයෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගත්තා.

නව රියදුරු බලපත්‍රය අරගෙන කුළියට වාහනයක් අරන් පොල් කටු එකතු කරණ එක තමයි මම රැකියාව ලෙස දැන් කරන්නේ. මෙහෙම ඉන්නකොට මට එක සැරේම රථ වාහන වරදක් සම්බන්ධයෙන් 2014.02.13 දින මුලතිව් මහේස්ත්‍රාත් අසාවියේ පෙනී සිටින ලෙස සිතාසියක් ආවා.

ඒ වෙලාවේ මටත් හිතාගන්න බැරි වුනා මොකද්ද මන් කල වරද කියලා උසාවි යන්න තරම්. පස්සේ මම අදාල දිනයට මුලතිව් අසාවියට ගියා. නමුත් එදා මට එවා තිබුණු සිතාසියට අනුව නඩුවක් තිබුණේ නෑ.

පසුව උසාවි ඇවිත් හිටිය පොලිස් නිළධාරියට මම මේ ගැන කිව්වම ඔහු කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා නඩුකාරතුමාට මේ ගැන කිව්වා. 

ඒ වෙලාවේ නඩුකාරතුමා මාන්කුලම් පොලිසියෙන් උසාවි ඇවිත් හිටිය පොලිස් නිළධාරියාට කිව්වා මේ නඩුව සම්බන්ධයෙන් එම දිනයේ රථ වාහන වරද සිදුකල වාහනය පිළිබදව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගෙන ඒ අදාල වාහනය එම දිනයේ වැඩ කල පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කරන්න කියලා.

මම පැමිණිල්ලකුත් දැම්මා. නමුත් අද වෙනකම් කිසිදු දෙයක් මාන්කුලම් පොලීසියෙන් මට දැන්වුයේ නෑ. මෙතනින් පටන් ගත්ත එක දිගින් දිගටම මට සිතාසි එන්න ගත්තා.

ඒ අන්තරාදායක ලෙස බස් රථයක් ධාවනය කිරීමේ වරදට 2016.04.27 අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙසත් , cp NB - 5663 දරණ බස් රථය වැරදි ලෙස ඉස්සර කිරිමේ වරදට 2016.05.03 දින මැදවච්චිය මහේස්ත්‍රාත් අසාවියේ පෙනි සිටින ලෙසත්.

මේ විදිහට තවත් වැරදි ගණනාවකට උසාවියේ පෙනී ඉන්න කියලා මට සිතාසි ආවා.

මම නොකරපු වැදි වෙනුවෙන් මට දිගින් දිගටම සිතාසි එනකොට මම කොළඹ පොලිස් සහන මැදිරියට ගිහින් මේ සම්බන්ධයෙන් කිව්වා.

පොලිස් සහන මැදිරියට ලිඛිතවත් දුන්නා. මේ ගැන සොයා බලා මගේ නැති වුණ රියදුරු බලපත්‍රය පාවිච්චි කරන රියදුරු අත්අඩංගුවට ගන්න කියලා.

ඒත් මේ වෙනකම් මට කිසිදු සහනයක් වුනේ නෑ.

මම ලංකාව වටේ උසාවි ගානේ යන්න ගියොත් නොකරපු වැරදි වෙනුවෙන් මට ජිවත් වෙන්න හිගාකන්න තමයි වෙන්නේ. පොලිස් නිළධාරීන් හරයට රාජකාරි කලා නම් මන් අද මේ තරම් අසරණ වෙන්නේ නෑ.


















Abnormal Law Of Sri Lanka

-හිරු-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලයිසන් එක නැතිවුණාට පස්සේ නොකළ වැරදිවලට රට වටේම උසාවිවලට එන්න කියලා සිතාසි එන අරුම පුදුම නීතිය"

    Post a Comment