02 July, 2016

ප්‍රභූවරු යන්න කැමති බන්ධනාගාර රෝහලේ හිතුවක්කාර අම්මලාගේ දරු ප්‍රසූති

හිරේ ගිය ප්‍රභූවරුන් රැසක් හිටිහැටියේ ලෙඩ හැදී බන්ධනාගාර රෝහලට යන බව ජනප්‍රිය කරුණකි.

හිරේට නියම වූ පුද්ගලයා කුමන තරාතිරමක අයකු වුවත් ඔහුගේ කැමැත්තට හිර ගෙදර රෝහලට ඇතුළු වීමට ඉඩ ලැඛෙන්නේ නැත.
වැලිකඩ බන්ධනාගාර රෝහල ගැන නිතර කතා වුවත් ලංකාවේ සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිත කර තිඛෙනවා.

මෙම රෝහල්වල ආරම්භයද බන්ධනාගාර ආරම්භ කළ 1802 කාල පරිච්ජේදය දක්වා විහිදී යන අතර බන්ධනාගාර රෝහල් අතරින් ලංකාවේ ඇති විශාලම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරය තුළ ඇත්තේ ලංකාවේ විශාලතම බන්ධනාගාර රෝහලයි.

වාට්ටු විසි තුනකින් සමන්විත එම රෝහ‍ලේ සේවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යොදවා තිඛෙනවා.

හිරගෙදර රෝහ‍ලේ හෙද හෙදියෝ වශයෙන් සිටින්නේ ඒ ක්‍ෂේත්‍රය පිළිබඳ පුහුණුව ලද බන්ධනාගාර නිලධාරීහු හා නිලධාරිනියෝයි.

ඊට අමතරව සහයකවරුන් ලෙස සේවය කරන්නේ දීර්ඝ කාලීනව සිර දඬුවමකට යටත්ව බන්ධනාගාර ගතව සිටින ඉතාම හොඳ කල් ක්‍රියාවෙන් පසුවන සිරකරුවන් බව වාර්තා වනවා.

මානසික රෝගී වාට්ටුව, සමාජ රෝග වාට්ටුව, කායික රෝග වාට්ටුව, උගුර, කන හා නාසය වාට්ටුව ශල්‍යාගාරය, ක්ෂය රෝගය වාට්ටුව, සමේ රෝග වාට්ටු සහ දන්ත ශල්‍යාගාරයක්ද එහි තිඛෙන අතර දිනකට රෝහලෙන් රෝගී රැඳවූවෝ 220ක් පමණ නේවාසික ප්‍රතිකාර ලබනවා.

දරු ප්‍රසූතියක් වැනි කටයුතුවලදී මෙම රෝහලෙන් ප්‍රතිකාර නොකරන අතර එවන් තත්ත්වයක සිටින කාන්තාවන් කාසල් රෝහල හෝ සොයිසා රෝහලට යවනු ලබනවා.

ඇතැම් අවස්ථාවලදී සමහර කාන්තාවන් ඔවුන්ගේ මුරණ්ඩුකමට අමාරුවක් දැනෙන බව නොකියා සිට ඇති නිසා බන්ධනාගාරය තුළදී දරුවන් බිහි කිරීමද සිදු වනවා.




Prison Hospitals

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රභූවරු යන්න කැමති බන්ධනාගාර රෝහලේ හිතුවක්කාර අම්මලාගේ දරු ප්‍රසූති"

    Post a Comment