21 July, 2016

Kickass වෙබ් අඩවිය වැසෙයි - හිමිකරු අත්අඩංගුවට

චිත්‍රපටලෝලි ඔබට කණගාටුදායක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබ නිරන්තරයෙන් චිත්‍රපට, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරන්නෙකු නම් Kickass torrent වෙබ් අඩිවිය පිලිබඳව අනිවාර්යෙන්ම අසා තිඛෙනවා ඇති.

2008 වසරේදී නිර්මාණය වූ Kickass ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය ඔස්සේ විවිධ විත්‍රපට/ ටීවි සිරිස් /විවිධ ෆයිල් නීත්‍යානූකුල නොවන ලෙස ඩවුන්ලෝඩ් කරගන්නා ලෝ පුරා අති විශාල පිරිසක් සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විට Kickass වෙබි අඩවියට පිවිසීමට හැකියාවක් නැහැ.

එසේ වී ඇත්තේ මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා අණාවරණය කරනවා.

30 හැවිරිදි Artem Vaulin නම් මොහු මේ වන විට ඇමරිකා එක්සත් ජනපද බළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.

සිය වෙබ් අඩවිය ඔස්සේ නීත්‍යානූකුල නොවන ලෙස වෙනත් පුද්ගලයින්ට, ආයතනයන්ට කතෘ අයිතිය හිමි ඩොලර් බිලිනයක් පමණ වටිනා තොරුතුරු හුවමාරු කිරිම මොහුට විරුද්ධව ඇති චෝදනාවයි.

Artem Vaulin : Kickass Torrent Website Founder Arrested 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Kickass වෙබ් අඩවිය වැසෙයි - හිමිකරු අත්අඩංගුවට"

    Post a Comment