මෙසේ ගිනි තැබීමට ලක්වූ තරුණයාගේ ඡායාරූප මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
වාර්තාවන ආකාරයට මෙම තරුණයා නමින් තිවංකය. ඔහුගේ මෙම ප්‍රේම සම්බන්ධයට වසර 5 ගතවී ඇත. පසුව මෙම තරුණයා විසින් මෙම තරුණියව පාඨමාලාවක් සඳහා ඇතුලත් කර ඇත. එහිදී මෙම තරුණිය තවත් තරුණයෙකු හා සබඳතාවක් ඇති කරගෙන ඇත.
අවසානයේ මෙම තරුණිය මෙම අනියම් පෙම්වතා සහ ඇගේ සහෝදරයා සමග එක්ව මෙම තරුණයා ගිනි තබා ඇත.
මේ පිළිබඳව බියගම පොලීසියට පැමිණිලි කර ඇතත් ඔවුන් මෙම සිදුවීම යට ගසන බව අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන මෙම පුවතේ සටහන් වී තිබුණා.
මේ පිළිබඳ ගායන ශිල්පී රහල් අල්විස් මහතාද සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර මේ පිළිබඳව විමසීමට අප ඔහුව සම්බන්ධ කරගනු ලැබුවා.
ඔහු පැවසුවේ මේ සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පිලිබඳ නොදන්නා බවත්, මෙම තරුණයාට ප්‍රතිකාර කටයුතු සඳහා දිනකට රු 3000 වැයවන බව තමා දුටු බවත්, ඔහුට පිළිසරණක් වීමට මෙසේ තම ෆෙස්බුක් ගිණුමේ මෙය පලකළ බවත්ය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ අප බියගම පොලීසියෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් පැවසුවේ මෙතෙක් එවැනි පැමිනිල්ලක් ඔවුන් වෙත ලැබී නොමැති බවයි.
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgitV3bRlOfliGuLfQ5icpjDGmuLwWDmaKH8loEm2Bcgjkj9n6IWrUjuLeOW9_e_l9TwUbRnjVUIZtccBcilsedHn5eADBRkSnBkJyk7qXehIPOMQ8sFTniELMxV26uadcS1ZLdAFzUwwCI/s400/Biyagama+Boy+Fired+by+His+Girl-1.jpg" width="240">





Biyagama Boy Fired by His Girl





Biyagama Boy Fired by His Girl
Share this
|
|
0 Comment to "අනියම් පෙම්වතා හා එක්ව පෙම්වතාට ගිනි තැබූ තරුණිය"
Post a Comment