18 June, 2016

ජෝන්ට දැං එපා වෙලාලු තියෙන්නේ

ජෝන් ඒබ්‍රහම් දිදුලන තරුවක් වුණත්, ඔහු විවාහ කරගත්තේ බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන යුවතියක්. ඇය ප්‍රියා රන්චාල්.

දෙදෙනා විවාහ වුණේ 2014 ජනවාරි 1 දා. මාස කිහිපයක්ම සතුටින් විවාහ ජීවිතය ගත කළ ජෝන් සහ ප්‍රියා තම තමන්ගේ වෘත්තීන් කරගෙන ගියා. හැබැයි, එකම වහළක් යට නොවෙයි. දෙතැනක වාසය කරමින්.

ජෝන්ට, බොලිවුඩ් චිත්‍රපටවල වැඩ ගොඩ ගැසී තිබුණු නිසා ඔහු මුම්බායි නුවර රැඳී සිටියා. ප්‍රියාට සිදුව‍ුණේ ඇමෙරිකාවේ රැ‍ඬෙමින් බැංකුවේ රැකියාව කරන්නටයි.

ඒ අයුරින් දෙදෙනා දෙතැනක වෙසෙද්දී කටකතා ඉපදී ඒවා පියා සළන්නට වුණා. මේ ඕපාදූපවලින් පැවසුණේ ජෝන් සහ ප්‍රියා වෙන්වී ඇති බවයි.

මුලින්ම පැතිරුණු මේ කටකතාවලට උත්තර දුන් ජෝන් කීවේ තමන් සහ ප්‍රියාගේ විවාහ ජීවිතයේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවූ බවයි.

ඉන් පසුව කාලය ගතවුණේ නිහඬව. යළිත් අර කට කතාවම පසුගිය දා මතු වුණා.

ජෝන් සහ ප්‍රියා නීතියෙන් වෙන්වීමට උත්සාහ කරන බවයි මෙවර පැතිරුණු කටකතාවලින් කියැවුණේ. මේ ආරංචි දසඅත පැතිරෙද්දී ඊට ප්‍රතිචාර දැක්වූ ජෝන් ඒබ්‍රහම්,

'මම මේ ආරංචි ගැන මීට පස්සෙ මොනවත් කියන්නෙ නැහැ. කොච්චර කාලයක් මේ කටකතාවලට උත්තර දිදී ඉන්න ද? හැමදාම බැලුවොත් මොකක් හරි බේගලයක්.

අපි මිනිස්සුන්ට ඉඩ දෙමු ඕනැම දෙයක් කියාගන්න ය කියලා. මට නම් දැන් මේවට උත්තර දීලම එපා වෙලා.'

මීට කලින් පැතිරී ගිය කටකතාවලට ප්‍රතිචාර නොදැක්වූ ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් ගෙන එය අන්තර්ජාලයට එක්කළා.

ඉන් පසුව කටකතාවලට විරාමයක් ලැබුණා. ඒත්, මෙවර නම් ඕපාදූපවලට මෙවැනි ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්නටයි ජෝන් සහ ප්‍රියා තීරණය කර ඇත්තේ.



John Abraham talking about wife

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජෝන්ට දැං එපා වෙලාලු තියෙන්නේ"

    Post a Comment