එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ආයතනයක ප්‍රධානියෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පුවතක් වාර්තාවනවා.
ඒ ඇයගේ දියණිය නිරූපිකාවක් කිරීම සඳහායි.
පිළියන්දල ප්‍රෙද්ශයේ පිහිටි අදාළ ආයතනය විසින් පැවැත් වූ නිරූපණ ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක දී එම මවට මෙම සිද්ධියට මුහුණ දීමට සිදුව තිඛෙනවා.
එහිදී එම ආයතනයේ ඉහළ තනතුරක් දරණ නිලධාරියා ප‍්‍රසිද්ධ හෝටලයක නමක් සඳහන් කරමින් පවසා ඇත්තේ තමන් සමඟ හෝටලයේ රැයක් ගත කිරීමට කැමැති නම් දියණියට නිරූපණ ක්ෂේත‍්‍රයේ අවස්ථාවක් ලබාදෙන බවයි.
කෙසේවුවද මව එම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියා මාර්ග ගන්නා බව ඇය කියා තිඛෙනවා.
එහෙත් අදාළ පුද්ගලයා පවසා ඇත්තේ
තමන්ට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවත් යම් ලෙසකින් එසේ වුවහොත් තමන් සමග යහන් ගතවූ බවට අසත්‍ය පුවත් තමන් දන්නා මාධ්‍ය ආයතන හරහා ප‍්‍රචාරය කරන බවයි.

Sexual Bribery request from mother
එම ප්‍රකාශයත් සමග බියට පත්වූ මව සිය දියණිය ද රැගෙන වහා අදාළ ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

Sexual Bribery request from mother
Share this
|
|
0 Comment to "දුව නිරූපිකාවක් කරන්න අම්මට ඇඳට කතාකරලා"
Post a Comment