අනුමැතියකින් තොරව සුඛෝපබෝගී වාහන ආනයනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
දැනට පවතින නීති රෙගුලාසිවලට
පටහැනිව සුඛෝපබෝගී මෝටර් රථ 30ක් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් මෙරටට ආනයනය කිරිමට අවසර ලබාදී තිබේ.
එම අවසරය ලබාදිය හැක්කේ අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත වුවද ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් වී නොමැති බව වාර්තා වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විම සඳහා ස්වාධින කමිටුවක් පත් කිරිමට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම කමිටුව විශ‍්‍රාමගත් විගනකාධිපති දෙපාර්තමේන්තු නිළධාරියෙකුගේ ප‍්‍රධානත්වයෙන් පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි. (දෙරණ)

Share this
|
|
0 Comment to "අනුමැතියක් නැති සුඛෝපබෝගී වාහන ආයනය ගැන විශේෂ විමර්ශනයක්"
Post a Comment