03 August, 2017

බස්රථයක් තුළ තරුණියකට රහසඟ පෙන්වූ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට

shown sex organs at bus

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකදි තරුණියක් අපහසුතාවයට පත්වන ලෙස අයුරින් හැසිරුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

පසුගියදා සඳුදා (31 දා) කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම බස්රථය පස්වරු 7 ට පමණ යක්කල ප්‍රදේශයට ආසන්න වන විට මගින් බොහෝ දෙනෙක් බැසගොස් තිබෙන අතර සිදුවීමට මුහුණ දුන් තරුණිය ආසන්නයේ කිසිවකු සිට නැහැ. එවිට වීඩියෝවෙ සිටින පුද්ගලයා අදාල තරුණිය අසුන්ගෙන සිටි ආසනයට අනෙක් පස වූ ආසනයේ හිද ඇයට සිය ලිංගික ප්‍රදේශය නිරාවරණය කරමින් ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරුණු බවයි සිදුවීමට මුහුණ දුන් තරුණිය නෙත් ‍ගොසිප් සමග සදහන් කළේ.

මින් මිදීම සදහා වෙනත් අසුනක් වෙත ගිය ඇය ආසන්නයටම නැවත ගිය එම පුද්ගලයා නැවත සිය සුපුරුදු ක්‍රියාව සිදුකරමින් තිබෙනවා. පසුව බසයේ කොන්දොස්තරවරයාද දැනුවත් කර එම තරුණිය බසයෙන් බැස වෙනත් බසයක නැග ගමනාන්තය කරා පැමිණි බවයි සදහන් කළේ.

‘‘මට ඒ වෙලාවෙ කෑ ගහලා රණ්ඩු වෙලා මේ ප්‍රශ්නය විසදන්න තිබුණා. නමුත් එහෙම වුනාම ඒක කවුරු හරි වීඩියෝ කරලා ‍සමාජයට වැරදි අර්ථකථනයක් දෙන්න හදාවි. ඒ නිසා නිහඩව හිටියා. බස් එකක් වගේ පොදු තැනක මෙහෙම දෙයක් වුනාම හරි අසරණ වෙනවා. අනික් අය දැක්කෙ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්නම් අපි සටන් කළොත් අනිත් අය කට අපි දිහා බලන් ඉන්නවා. වචනයකින් හරි උදව්වක් දෙන්නෙ කළාතුරකින් කෙනෙක් තමයි. . . ‘‘ඇය එසේ සදහන් කළාය.

කෙසේ වුවද ඇය අදාල සිදුවීම සිය ජංගම දුරකතනයෙන් රහසිගතව වීඩියෝ කර තිබෙන අතර එම වීඩියෝව පහතින් දැක්වෙනවා.


මෙවැනි තත්වයක් කාන්තාවකට සිදුවන ලිංගික අතවරයක් සේ ගැනිය හැකි අතර එය නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වනවා. පොදු ස්ථානයකදි සිදුවන මෙවන් ක්‍රියාවක් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි අතර ඒ සදහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අංක 0112 44 44 44 දරණ පැය 24 ම විවෘත දුරකතන අංකයක්ද ස්ථාපිත කර තිබෙනවා.

පොදු ස්ථානවල අශෝභන ලිංගික ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ට පහරදීම් වැනි සිදුවීම් කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ද වාර්තා වූ අතර මෙය ප්‍රදර්ශන කාමුකත්වය නම් මානසික රෝගි තත්වයක් බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සදහන් කළේ. සිය අගපසග විරුද්ධ පාර්ශවයට නිරාවරණය කරමින් ලිංගිකව තෘප්තිමත් වීමක් බලාපොරොත්තු වන මෙය පිරිමි පමණක් නොව කාන්තා පාර්ශවයටද වැළදිය හැකි රෝගි තත්වයක් බවද ඔහු අනාවරණය කළා.

‘‘මේ මානසික තත්වය පවතින පුද්ගලයන් කෙටිකලකින් ඊට ඇබ්බැහි වනවා. නොසිතතූ වෙලාවක විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිරූපණය කරන ඔවුන් ප්‍රතිවිරුද්ධ පාර්ශවය එම තත්වය නිසා මුහුණ දෙන අපහසුතාවය සිය තෘප්තිය කරගන්නවා. ලිංගික අපවර්තන ගනයේ ලා සැලකෙන මෙම තත්වය මානසික උපදේශන මෙන්ම ඖෂධ ප්‍රතිකාර මගිනුත් සුව කරන්න පුළුවන්. 

මූලික අදියරේදී මෙම තත්වය සුව නොකරගත්තොත් විශාදිය වැනි තත්වයක් කරා එය වර්ධනය වෙලා එම මානසික පීඩනය මත සිය දිවි නසාගැනීම වැනි දරුණු අන්තයක් කරා යන්න පුළුවන්. මෙම තත්වයට ‍ගොදුරු වෙලා තියන කෙනොට ඒ වගේ මට්ටමකදි ඒක තේරෙනේ නෑ. ඒ නිසා මෙවැනි මානසික තත්වයක් තිබෙන කෙනෙක් පිළිගත් මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නවා නම් ඉක්මනින් යථා තත්වයට පැමිණිය හැකියි‘‘.

තවදුරටත් කරුණු දක්වමින් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සදහන් කළා. (නෙත් ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බස්රථයක් තුළ තරුණියකට රහසඟ පෙන්වූ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට"

    Post a Comment