15 August, 2017

ලක් කණ්ඩායමේ වත්මන් තත්ත්වය වේදනාවක්

hashan-tillakaratne
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තත්ත්වය වේදනාවක් වුවත් ඉදිරියට යෑම එකම විකල්පය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පවසයි.

පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දු - ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය හමුව එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.එසේම දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදුන් ආකාරය කනගාටුදායක බවද හෂාන් සඳහන් කළේය.

“ ඒක කනගාටුදායක දිනයක්. අපි හොඳින් පිතිකරණයේ යෙදුණේ නෑ. මම හිතනවා ඔවුන් වැරදුණ තැන හදාගනීවි. ඔවුන් හොඳ සැලසුමක් සමග පැමිණේවි. කණ්ඩායම හොදින් ක්‍රීඩා නොකරන විට කියන්න ගොඩක් දේවල් තිබෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී තමයි කණ්ඩායම සමග සිටිමින් ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කළ යුතු කාලය.”

“අපේ පිතිකරණය අංශය අද හොඳින් කළේ නෑ. මෙතනින් එහාට තවත් අපිට ආපස්සට යන්න දෙයක් නෑ. යන්න තියෙන්නේ ඉදිරියට පමණයි. සහායක කණ්ඩායම හැකි උපරිමය ක්‍රීඩකයන්ට දෙනවා. ඔවුන් තමයි පිටිය මැදට ගොස් දක්ෂතා දැක්විය යුත්තේ. අපි ඔවුන්ට උදව්විමට හැකි හොඳම දේ කරනවා. අපි ඔවුන්ට ප්‍රතිඵල දෙන්න කාලයක් දිය යුතුයි.”

එසේම කණ්ඩායම සමග ඉවසීමෙන් කටයුතු කළ යුතු බවද හෂාන් සඳහන් කරයි. “ අපි සිදුවූ දේ අමතක කළ යුතුයි. අනාගතය ගැන සිතිය යුතුයි. අපි දිගු කලක් පිටියේ පිතිකරණයේ යෙදිය යුතුයි. අපි හැම කෙනෙක්ම හොඳින් ක්‍රීඩා කරන්න උත්සාහ කළ යුතුයි.ඔවුන් හොඳින් කරනවා. ඔවුන්ගේ වැඩ කිරීමේ ධර්මය හොඳියි”

“ හැම කෙනෙක්ම වැරදි කරනවා. අපි කළ යුත්තේ වැරදි කිරීම අඩු කිරීමයි. මම හිතනවා ක්‍රීඩකයන් එය හඳුනාගෙන ජයග්‍රහණය කරාවි කියලා. අද ක්‍රීඩා කළ කණ්ඩායම තමයි අපිට ඉන්න හොඳම කණ්ඩායම. අපි ඔවුන්ට සහාය දැක්විය යුතුයි. එවිට ඔවුන් ප්‍රතිඵලයක් ගෙනේවි”

“ මේ ක්‍රීඩකයන් සමග වැඩ කරමින් ඔවුන්ට හොඳ දේ ඉගැන්විය යුතුයි. ඔවුන් ක්‍රීඩා කරන්නේ අංක එකේ කණ්ඩායමට එරෙහිවයි. ඔවුන්ට පළපුරුද්දක් තිබෙනවා. නමුත් ඔවුන් වැරදි කරනවා. ඔවුන් ක්‍රීඩා කරන්නේ ලෝකයේ හොඳමි දඟ පන්දු යවන්නනට එරෙහිවයි. ජඩේජා හා අශ්වින් ගැන අප අවධානය යොමුකළ යුතුයි.” (රුවන් කාශ්‍යප-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලක් කණ්ඩායමේ වත්මන් තත්ත්වය වේදනාවක් "

    Post a Comment