30 August, 2017

"එ්යි කෝලි කුක්කුකූ කෝලි කියන්නේ කුකුළා" – පල්ලේකැලේ තවත් සතෙකුගේ වැඩක් එළියට! අපහාසයට කෝලිගේ ප්‍රතිචාර

virat-kohli-insult
- කොන්ද පණනැති පොලීසිය ඉදිරිපිට විහිලු කරපු ලංකාවේ ප්‍රෙක්ෂකයාට ඉන්දියානු නායකයා දැක්වූ ප්‍රතිචාරය මෙන්න...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ වන විට මුළු ලෝකයේම අවධානයට යොමුවී තිබෙනවා.

ඒ පසුගිය කාළය පුරාම දිගින් දිගටම අන්ර්ජාතික තරඟ හමුවේ ලද පරාජයන් සේම පසුගියදා ඉන්දියාව සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති තරඟය අතරතුර ඉන්දීය පිළේ ජයග්‍රහණය අභියස ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ කළහකාරී පහත් හැසිරීම හේතුවෙන්.


ඊයේ මැච් එකේ පල්ලේකැලේ සත්තු ටික නටපු නාඩගම මුල ඉඳලා අගට (Video)
පල්ලේකැලේ සත්තුංගේ බෝතල් ප්‍රහාර අතරේ "මාලිංග" රටේ නම බේරගන්න "කෝලිට" කියපු දේ
ප්‍රේක්‍ෂකාගාරයත් ඉන්දියාවට පරාජය වුනාද?


මේ අතර මෙම තත්වය තවත් උණුසුම් කරමින් සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ද පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදි තිබුණා.


ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි


තත්වය මෙසේ තිබියදී ඉන්දියාව සමගින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේදී ඉන්දීය නායක විරාත් කෝලිට උසුලු විසුලු කරමින් ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෙකුගේ වීඩියෝවකුත් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතනිවා.

පොලීසියේ මහත්වරු දෙන්නෙකුත් ඉදිරිපිට "එ්යි කෝලි.. කු ක් කු කූ ක් කූ ක්.. කෝලි කියන්නේ කුකුළා" යැයි විවිධ විකාර දෙබස් පවසමින්, විවිධ ඉරියව් පාමින් ඔහු කෝලිගේ අවධානය දිනාගන්න උත්සහ කළත් කෝලි නම් ඔහුව තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ.

කෙසේ වෙතත් මෙම විකටයාගේ රඟපෑම ඔහුට සහ ඔහු අවට සිටි සුළු පිරිසකට නම් ලොකු දෙයක් වී තිබුණා.

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""එ්යි කෝලි කුක්කුකූ කෝලි කියන්නේ කුකුළා" – පල්ලේකැලේ තවත් සතෙකුගේ වැඩක් එළියට! අපහාසයට කෝලිගේ ප්‍රතිචාර"

    Post a Comment