29 August, 2017

මාලිංග දකුණු අප්‍රිකාවේත් සංඛේත ක්‍රීඩකයකු වෙයි

lasith-malinga

දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ස්ටෙලන්බොස්ච් මොනාර්ච් කණ්ඩායමේ විදේශීය ‘සංඛේත’ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංගත් එක්වී තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙමින් තිබෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටින ලසිත් මාලිංග ආසියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වූ එකම ‘සංඛේත’ ක්‍රීඩකයා වෙයි.

ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 8 වෙනුවෙන් දකුණු අප්‍රිකානු ‘සංඛේත’ ක්‍රීඩකයන් 8 දෙනකු සහ විදේශීය ‘සංඛේත’ ක්‍රීඩකයන් 8 දෙනකු තෝරා ගැනේ. එම ‘සංඛේත’ ක්‍රීඩකයන් අතරට එක්ව සිටින එකම ආසියාතිකයා ලසිත් මාලිංගය. ඒ සඳහා කරන් පොලාඞ් පළමුව තෝරාගත් බව කේප් ටවුන්හිදී පැවැති ක්‍රීඩා හමුවකදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඊයේ (26 වැනිදා) නිවේදනය කළේය.

ඉරිදා පැවැත්වෙන වෙන්දේසිය වෙනුවෙන් සකස් කරන ලද ප්‍රධාන කෙටුම්පතට කළියෙන් ආදර්ශ කෙටුම්පතක් සකස් කරන ලදි. ඒ අනුව තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් 8 ට අනුයුක්ත කෙරුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් සමගින් සූදනම්ව සිටීමට එම කණ්ඩායම් වලට හැකිවිය.

කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට් කණ්ඩායම නියෝජනය කරන කරන් පොලාර්ඞ් එම තරගාවලියෙන් අනතුරුව බ්ලූම් සිටි බ්ලේසර් කණ්ඩායම නියෝජනය කිරීම සදහා පිටත්ව යනු ඇත. කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනකු වන ක්‍රිස් ගේල් සහ ඞ්වේන් බ්‍රාවෝ පිළිවෙලින් කේප් ටවුන් නයිට්රයිඩර්ස් සහ ප්‍රිටෝරියා මෙව්රික් කණ්ඩායම් සදහා තෝරාගෙන ඇත.

කණ්ඩායම් තුනක් සදහා දේශීය ‘සංඛේත’ ක්‍රීඩකයින් ලෙස ඬේවිඞ් මිලර් (බ්ලුම්), ජේ.පී.ඩුමිනි (කේප්ටවුන්), ඒ.බී.ඩිවිලියර්ස් (ප්‍රිටෝරියා) තෝරාගෙන ඇත.

එමෙන්ම අනෙක් විදේශීය විශේෂ ක්‍රීඩයින් හටද තම ස්වාමීවරුන් ලැබී ඇති අතර හසීම් අම්ලා සමගින් ඔයින් මෝගන් ඩර්බන් ක්ලැන්ඩර්ස් කණ්ඩායමටද, ක්වින්ටන් ඩි‘කොක් සහ ජේසන් රෝයි, බෙනොනි සල්මී කණ්ඩායමටද, ඉම්රාන් තහීර් සමගින් කෙවින් පීටර්සන් ‘නෙල්සන් මැන්ඩෙලා බේ ස්ටාර්ස්’ කණ්ඩායමටද එක්විමට නියමිතව ඇත.

ප්‍රධාන කෙටුම්පතට අනුව ජාත්‍යන්තර ක්‍රීඩකයින් 32 ක් සහ දේශීය ක්‍රීඩකයින් 96 දෙනෙකු අතරින් වට 16 කදී උපරිම ක්‍රීඩකයින් 16 දෙනෙකු තෝරා ගැනීමට වාණිජ අයිතිකරුවන් හට අවස්ථාව හිමිවනු ඇත.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාවේ නගර අටකදී විස්සයි20 ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය. (කෙළිමඬල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාලිංග දකුණු අප්‍රිකාවේත් සංඛේත ක්‍රීඩකයකු වෙයි"

    Post a Comment