බිග්බෙන් බොන්ග්! බොන්ග්!! නාදය ලන්ඩනය පුරා විසිර යන්නේ සුවිශේෂී අවස්ථාවලය. යුද්ධකාලයේදී තමන්ට සතුරු ආක්‍රමණයක් එන බව දැන්වීමටය. නැතිනම් තමන් යුද්ධය ජයගත් බව කියන්නටය. සෑම නව වසරකම උදාව දැනුම් දෙන්නේ බිග්බෙන් බොන්ග්, බොන්ග් නාදයයි. දැන් තවත් වසර හතරක් පුරා මේ නාදය අසන්නට බ්‍රිතාන්‍යයන්ට ඉඩ නොලැබේ.
වසර 158ක් පැරැණි බිග්බෙන් ඔර්ලෝසු කුලුන සහ එය සම්බන්ධ ගොඩනැගිල්ල දැන් හඳුන්වන්නේ එළිසබත් ටවර් හැටියටය. වසර ගණනාවකට පසු මේ කුලුනට දැන් නව මුහුණුවරක් දී ප්‍රතිසංස්කරණයට සැරැසී සිටියි. ඒ සඳහා පවුම් මිලියන 29ක මුදලක් වැය කරන්නට
පාර්ලිමේන්තු අනුමැතිය ලැබී හමාරය. නමුත් බිග්බෙන්, බොන්ග්! බොන්ග්!! නාදය නිහඬ වන්නේද මේ ප්‍රතිසංස්කරණය නිසාමය. බිග්බෙන් මහා නාදය එහි සේවක පිරිසගේ කන් අඩි පලනු ඇතැයි මතුව ඇති බිය නිසාය. ඩෙසිබල් 118ක් වන මේ මහා නාදයෙන් වැළැකෙන්නට සවන් ආරක්ෂක උපකරණ ලබාදුන්නත් ඒ උපකරණවලටද බිග්බෙන් හඬ හීන්කර දමන්නට නොහැකි යැයි ඉදිරිපත් වී ඇති සෞඛ්‍ය උපදේශ හේතුවෙන් දැන් වසර හතරකට මේ හඬ නිහඬ කර තිබේ.
බිග් බෙන් සීනුවේ බර ටොන් 13.5කි. එය අඩි 7.2ක් උසැතිය. තඹ හා ටින් මිශ්‍රිතව තනා ඇති මෙය සෑම පැයකට වරක්ම නදදෙයි. ඒ අතර තව කුඩා සීනු හතරක් සෑම මිනිත්තු 15කට වරක් සංගීත රිද්මය පතුරවයි. ඒ සංගීත ස්වර සප්තකයේ E ස්වරයට අනුවය. වාත්තු යකඩින් තනා ඇති මහා සීනු කුලුණේ කොටස්වල මළබැඳී ඇත්තේ සීනු කණුවේ ඉහළ පිටත ඇති බදාමය ගැලැවී වතුර කාන්දුවීම නිසාය.
බිග්බෙන් මුහුණත විශ්කම්භය අඩි 8.9කි. එහි රාමුව ආදි කාලයේ රන් සහ කොළ පැහැයෙන් තිබූ බව කියැවේ. 1980 දී එය රන් සහ කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. බිග්බෙන් මෙයට පෙර ප්‍රතිසංස්කරණයට ලක්වූයේ 1976 දීය. ඒ වසරේ අගෝස්තු 10දා බිග්බෙන් මාස 9කට නිහඬ කළේ ඒ සමයේ පැවැති දැඩි හිරු රශ්මිය හේතුවෙන් හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙනි. බිග්බෙන් තුළ හිර කාමරයක්ද තිබේ. නොමනා හැසිරීම් සහිත මන්ත්‍රීවරුන් සිරකර තැබූයේ මෙහිය. අවසන් වරට මේ සිර කුටිය භාවිතාකර ඇත්තේ 1880 දීය. චාල්ස් බ්රැඩ්ලෝයි නමැති උතුරු හැම්ෂයරයේ අදේවවාදී මන්ත්‍රීවරයා වික්ටෝරියා රැජන ඉදිරියේ බයිබලයේ අතගසා දිවුරැම් දීමට අකමැති වීම හේතුවෙනි. (දේශය)

Share this
|
|
0 Comment to "වසර හතකට BIGBEN නිහඬ වෙයි"
Post a Comment