15 July, 2017

වස්ගමුව මහ කැලේ රැයක්

Wasgamuwa jungle - Jeep

මිට්සුබිෂි ජීප් සංගමයේ සාමාජිකයකු වන කුමාර විතානආරච්චි ෆෝ ඩී ආර් ෆයිව් ජීප් රථයක හිමිකරුවෙක්. මේ ජීප් රථය ඔහු මිලදී ගත්තෙත් කැලෑබද ප්‍රදේශවල සංචාරය කරන්න. මිට්සුබිෂි ජීප් සංගමය මඟින් සංවිධානය කරන ලද රැළි කියිපයක් ඔහුට මඟ හැරුණත් මිතුරන් සමඟ වනෝද්‍යාන කීපයකම තම ෆෝ ඩී ආර් ෆයිව් ජීප් රථයෙන් සංචාරය කිරීමේ අවස්ථාව කුමාරට ලැබුණා.

වෙනත් වාහනවලට ගමන් කිරීමට නොහැකි කටුක දුෂ්කර මාර්ගවල ගමන් කිරීමට උපන් හපන්කම් දක්වන ෆෝ ඩී ආර් ෆයිව් ජීප් රථවලට බොහෝදෙනා දක්වන්නේ විශාල ඇල්මක්.

ගම්පහ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ පදිංචි කුමාරවිතානආරච්චිත් මේ ජීප් රථයෙන් සිය මිතුරන් සමඟ කැලේ ගමන් වල යෙදෙන්නේ ඒ පිළිබඳව ඔහුට ඇති ඇල්ම සහ ආශාව නිසාමයි.

කුමාර සඳහන් කරන අන්දමට මේ ජීප් රථයෙන් ගමන් කරන අතර මගදී එය නවතා තැබෙන අවස්ථාවල වාහනවලින් ගමන්කරන බොහෝ දෙනෙක් පවා එම වාහන නවතා ජීප් රථය අසලට පැමිණ එහි තත්ත්වය සහ මිල විමසන අවස්ථා බොහෝ තිබෙනවා.

කුමාර තමාට අයත් මේ ෆෝ ඩී ආර් ෆයිව් ජීප් රථයෙන් වස්ගමුව, මීමුරේ, විල්පත්තු ඇතුළු ජාතික වනෝද්‍යාන කීපයකම සංචාරය කර තිබෙනවා.

කිසිදිනෙක වස්ගමුව වනෝද්‍යානයේ අලි බලන්න ගිය ගමන ඔහුට අමතක වෙන්නේ නෑ. ෆෝ.ඩී.ආර්. ෆයිව් ජීප් රථය සමඟ තවත් ඩබල්කැබ් රථයක මිතුරන් එකොළොස්දෙනෙක් මේ ගමනට එකතු වුණා.

වස්ගමුව වනෝද්‍යානයෙන් ඇතුළට යද්දී හමුවන වවුල් ඇබේ බංගලාව පසුකරගෙන එදින රාත්‍රී ඔවුන් නවාතැන් ගන්නා ‘කෑම්ප් සයිඩ්’ එකට පැමිණියා. කලින් සූදානම් කරගෙන පැමිණි කූඩාරම් රාත්‍රිය ගතකිරීමට සකස්කරගැනීමෙන් පසුව පිරිස මහවැලි ගඟ දෙසට ගමන් කෙළේ අලි බැලීමේ අරමුණෙන්.

අතර මග කිලෝමීටර පහක් පමණ අතිශය දුෂ්කර මාර්ගයක ගමන් කිරීමට පිරිසට සිදුවුණා. ෆෝ.ඩී.ආර්. ෆයිව් ජීප් රථය මේ මාර්ගයේ ගමන් කෙළේ අඩි දෙකක් පමණ මඩේ එරීගෙන ෆෝවිල් වාහනයක් නිසා පිරිසට කරදරයක් නැතිව මේ දුෂ්කර මාර්ගය තරණය කිරීමට හැකිවුණා.

පන්දම් දල්වාගෙන ඒ මො‍හොතේම පිසූ ආහාර අනුභව කරමින් ගත කළ රාත්‍රිය කුමාරට කිසි‍ දිනෙක අමතක වන්නේ නෑ.

ෆෝ.ඩී.ආර්. ෆයිව් ජීප් රථයෙන් මීමුරේ ගොස් රාත්‍රිය ගිනිමැල දල්වාගෙන ගත කළ හැටිත් කුමාරට අලුත් අත්දැකීමක්.

මේ ජීප් එකට මේ අවුරුද්දට අවුරුදු 37ක් වෙනවා. ඒත් තවමත් ඉතා හොඳින් ධාවනය වෙනවා.

ඉදිරියේදී තවත් වනෝද්‍යාන සහ ලස්සන දුෂ්කරතැන් කීපයකම සංචාරය කරන්න කුමාර සැලසුම් කරගෙන සිටිනවා. මිට්සුබිෂි ෆෝ ඩී ආර් ෆයිව් ජීප්වල සංචාරයට ආශාකරන හිමිකරුවෙක් වීමට සිහින මවන අයට කුමාර විතානආරච්චි ඕනෑම උපදේශයක් නොමිලයේ ලබාදීමට සූදානම්. 0777 583690 ඔහුගේ ජංගම දුරකථන අංකයයි.

Wasgamuwa jungle - Jeep - 2017-07-14-10-19-30

දිනුෂි මනතුංග (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වස්ගමුව මහ කැලේ රැයක්"

    Post a Comment