09 July, 2017

මගේ වැටෙන හැම හුස්මක් පාසාම මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා, එයා මට ලෝකයක් වටිනා කෙනෙක්

Himaya Bandara - 02

මේ දවස්වල හැමතැනම වගේ කතාබහ වෙන හැඩකාර චරිතයක් තමයි සොනාලි ටීචර්. සොනාලි ටීචර් ඉන්නේ මේ දිනවල විකාශය වන අතිශය ජනප්‍රිය ‘දෙවනි ඉනිම’ ටෙලි නාට්‍යයේ. මේ සොනාලි ටීචර් හෙවත් හිමායා බණ්ඩාර ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු සටහනක්.

සොනාලි ටීචර් ට අද නිවාඩුයි ද?
ඔව්. මේ දවස්වල පොඩ්ඩක් විතර ස්කෝලෙට නිවාඩු ලැබිලා තියෙන්නේ.
සොනාලි ටීචර්ට නිවාඩු ලැබුණට නම්, ළමයි ටික මඟ බලා ගෙන ඉන්නවලු ටීචර් එනකන්.
ඔව් ඔව්. ගොඩක් අසාවෙන් ළමයි බලන් ඉන්නවා කියලා දන්නවා.

මේ වගේ හිට් වෙන චරිතයක් ලැබුණ හැටි කියමුකෝ..?
ඇත්තටම මෙය සාරංග මෙන්ඩිස් එක්ක මම කරන තුන්වැනි ටෙලි නාට්‍යය . හැබැයි මේ තරම් හිට්වුණේ නැහැ.. මාව මේ චරිතෙට තෝරා ගත්තේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සේ. ඒ වෙලාවේ මට පුදුම හිතුණා, ඇයි මං වගේ කෙනෙක් ගෙන් ස්ක්‍රීන් ටෙස්ට් එකක් ගත්තේ කියලා. ඒත් මම ඒ අයගේ ජොබ් එකට ගොඩක් ගරු කරන නිසා මම ගියා. අන්තිමට මට ‘සොනාලි ටීචර්’ වෙන්න ලැබුණා.

පන්තියේ ඉන්න ළමයින්ගෙන් ටීචර් වැඩිපුරම සැර දාන්නේ කාටද?
මම හිතනවා සොනාලි ටීචර් චබියි, මයික් එක්ක තමා කේන්ති ගන්නේ. ඒ අය කරන වැඩත් එක්ක. ඒත් ඒ අයට සොනාලි හරි ආදරෙයි. හ්ම්ම්… වැඩිපුරම සැර දාන අයට තමා ගොඩක් ආදරේ.
ටීචර් ගේ ලස්සනට ළමයි ටික පාලනය කරගන්න අමාරුයි වගේ .
ඒක කියන්නත් බෑ. අලි බබාලා පාලනය කරගන්න එක තමා අමාරුම වැඩේ.

සැබෑ ජිවිතේ ඔබ හිමයා. බලාපොරොත්තුවක් තිබුණ ද ‘සොනාලි’ කියන චරිතයට මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?
අනේ නැහැ. තුන්හිතකවත් හිතුවේ නැහැ. හැබැයි location එකේදී මුලින්ම ඇක්ට් කරද්දී පාලිත සිල්වා ඇවිල්ලා කිව්වා, ‘මේ චරිතේ ගොඩක් හිට් වෙනවා කියලා’ ඒ වගේම ඩිරෙක්ටත් කිව්වා.

සමාජ ජාල වෙබ් අඩවි හරහා නම් ලැබෙන ප්‍රතිචාර ඉහළයි නේද?
අම්මෝ ඔව්… ගොඩක් ජනප්‍රියයි. ගොඩක් පෝස්ට් share වෙනවා. fb එක පුරාම සොනාලි ටීචර්ට ආදරේ කරන පෝස්ට් දකින්න පුළුවන්. සොනාලි කියන චරිතයත් එක්ක ගොඩක් අය කතා ගොතනවා. ඒක ඉතිං මට හරි සතුටක්. සමහර පෝස්ට් මගේ fb එකෙත් මම share කරනවා. මම ඒ දෙයින් අහිංසක සතුටක් ලබනවා.

ඔබව ගොඩක් සමීප රංගන ශිල්පිනියකට වඩා නිවේදිකාවක් විදියට. දැන් ඒ නිවේදිකාව දකින්න නැහැ ?
මම කවදාවත් නිවේදන වෘත්තිය අතහැර ගන්න කැමැති නැහැ. මොකද නිවේදිකාව තමා හිමායට මොළේ දෙන්නේ. සොනාලි කරද්දීත්, මට ඒ නිවේදිකාව ගොඩක් වැදගත් වුණා. මැරෙන තුරාවට නිවේදිකාවට මගෙන් ඈත් වෙන්න දෙන්නේ නැහැ. මම තරමක් නිහඬයි. ප්‍රේක්ෂකයන් බලනවා ඇති ඇයි මම නැත්තේ කියලා. නමුත් ඉදිරියේදී හොඳ වැඩ සටහනකින් ප්‍රේක්ෂකයන් අතරට එයි.

සුන්දර ආදරයක් හිමායටත් ඇති නේද?
හ්ම්.. ආදරය කියන දේ මම උපරිම විඳින කෙනෙක් මගේ ජීවිතේ ඇතුළේ. ආදරේ මොකද්ද කියලා මගෙන් අහන්න එපා. හැබයි මම ආදරේ ගැන කියන්න කැමැතියි. මොකද ජීවිතේ මගේ වැටෙන හැම හුස්මක් පාසාම මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා . එයා මට ලෝකයක් වටිනා කෙනෙක්.

කවුද ඒ ලෝකයක් වටිනා කෙනා?
ඒක හරිම අපහසු පිළිතුරක්. කවද හරි දවසක සොනාලිට ආදරේ කරන,හිමායට ආදරේ කරන , මගේ ප්‍රේක්ෂකයන්ට එයා ගැන කියන්න දවසක් එනවා. මම එදාට අනිවාර්යෙන්ම එයා ගැන කියනවා. ඔහු ගොඩක් පිරිසක් අඳුනන, ආදරේ කරන නමක් තියෙන, රටට වැඩදායි පුද්ගලයෙක්.

හිමායා, රට හැර යනවා කියන කතාව ඇත්තක්ද?
විදෙස් ගත වෙන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.ඒ මම ආදරේ කරන කෙනත් එක්ක වෙන්න පුළුවන්.

ඒ දේ ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙමෙයිද?
මම හිතනවා යම් අසාධාරණයක් වෙයි කියලා. ඒක මම පිළිගන්නවා. නමුත් මට ඕන පෞද්ගලික ජීවිතේ ඇතුළේ හොඳ ස්ථාවරයක් ගොඩ නඟාගන්න. මම හිතන්නැහැ ඒ දේ කලාව තුළ ඉඳගෙන කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දැන්ම මම යන්නේ නැහැ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ වැටෙන හැම හුස්මක් පාසාම මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා, එයා මට ලෝකයක් වටිනා කෙනෙක්"

    Post a Comment