05 July, 2017

අවුරුදු 14ක දියණිය ගණිකා වෘත්තියට අලෙවිකල තාත්තා

Girl man In Dark Room Kidnap Rape

තම වයස අවුරුදු 14ක දියණිය ගණිකා වෘත්තිය සදහා අලෙවිකල පියෙකු පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල පියා අධික ලෙස මත්පැන් පානය සදහා පුරුදුවී සිටින අයෙක් වන අතර මත්පැන් සදහා අවශ්‍ය මුදල් සොයාගැනීම සදහා ඔහු මෙලෙස තම දියණිය ගණිකා වෘත්තිය සදහා විකුණා ඇති බව සදහන්.

අදාල ළමයාගේ නිවාස අසල පිහිටි නිවසක පදිංචිය සදහා කාන්තාවක් පැමිණ ඇති අතර කාන්තාවට දැරියගේ පියා විසින් එම නිවාස සොයා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම කාන්තාව පුරුෂයන් වෙනුවෙන් කාන්තාවන් අලෙවි කරන අතර දැරියගේ පියා සහ කාන්තාව අතර පැවති හිතවත්කම වර්ධනය වී ඇයගෙන් මුදල් ඉල්ලීමට අදාල පියා හුරුවී සිට තිබෙනවා.

මත්පැන් පානය සදහා මෙලෙස මුදල් ඉල්ලීම හිරිහැරයක් බව දැනුණු එම කාන්තාව මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී තම දියණිය ගණිකා වෘත්තිය සදහා යොදවාගෙන තමන්ට මුදල් ලබා දෙන ලෙසයි ඔහු පවසා ඇත්තේ.

ඒ, අනුව අදාල කාන්තාව ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් දස දහසක අතිකාරම් මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන් 3000ක් මුදලක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අවුරුදු 14ක එම දැරිය විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති අතර එම කාන්තාව දැරියගේ පියාට ලබා දීමට තිබු ඉතිරි අත්තිකාරම් මුදල ගෙවීම පැහැර හැර තිබෙනවා.

ඒ, සම්බධයෙන් උරණ වූ දැරියගේ පියා මේ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනය වලදී අනාවරණය වී ඇත්තේ අදාල පියා සිය දියණිය ගණිකා වෘත්තිය සදහා අලෙවිකර ඇති බවටයි.

පසුව සැකකාර පියා සහ සක්කර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල දැරිය පරිවාස බාරයට යොමුකර තිබෙනවා. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අවුරුදු 14ක දියණිය ගණිකා වෘත්තියට අලෙවිකල තාත්තා"

    Post a Comment