07 July, 2017

නියෝජ්‍ය ඇමතිලා 8ක් මහින්දගේ නිවසට - සාකච්ඡා තීරණාත්මකයි - රාත්‍රී සාදයකදී තීන්දු වූ හමුවට ආ ඇමතිවරුන් කවුද?

Mahinda - Ranil - Maithri - Ministers

රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අට දෙනෙකු විශේෂ තීන්දුවක් ගැනීමට සඳහා අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පෙර මෙම නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙරේදා රාත්‍රියේ එක්සත් ජනතා නිදිහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඔවුන්ගේ අදහස් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දෙන ලෙස ඉල්ලා තිබේ.

ආන්ඩුව සම්බන්ධයෙන් පවතින ජනතා විරෝධය ගැන අදහස් පළකල ඇති මෙම නියෝජ්‍ය අමාත්‍යවරුන් තනි ආණ්ඩුවක් නොමැති තත්වයක් තුළ ජනතාවට සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් ඇමති මහින්ද අමරවීර මහතා දැනුවත් කර ඇත.

ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී තීරණයක් ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලා තිබේ.

නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නිවසේ රාත්‍රී සාදයක් ලෙස පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මහින්ද අමරවීරට ආරාධනා කර තිබූ අතර ඒ සඳහා අරුන්දික ප්‍ර‍නාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඉන්දික බණ්ඩාරනායක, නිමල් ලන්සා, ඩුලිප් විජේස්කර සුසංනත පුංචිනිලමේ, සාරතී දුෂ්මන්ත ඇතුළ් නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ. 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගත් තීන්දුවක් අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු අද (07) උදෑසමන ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කොට ඇත.නමුත් ඔවුන් හිටපු ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇත්තේ කුමන කාරණාද යන්න අණාවාරණය වන්නේ නැත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නියෝජ්‍ය ඇමතිලා 8ක් මහින්දගේ නිවසට - සාකච්ඡා තීරණාත්මකයි - රාත්‍රී සාදයකදී තීන්දු වූ හමුවට ආ ඇමතිවරුන් කවුද?"

    Post a Comment