16 July, 2017

4G වලට වඩා වේගවත් PCELL තාක්ෂණය

PCELL technology

දැනට පවතින 4G තාක්ෂණයෙන් ලැබෙන වේගය අභිබවා යා හැකි තාක්ෂණික හැකියාවකින් යුත් නවතම රැහැන් රහිත ජාලය ලෙස PCell (Personal Cell) හැඳින්විය හැකියි. මෙම තාක්ෂණික ක්‍රමවේදය සොයාගෙන ඇත්තේ Artemis නම් ආයතනය මගිනි.

දැනට 4G තාක්ෂණයෙන් දත්ත සේවා සැපයීම සඳහා භාවිතා කරනු ලබන්නේ ප්‍රාදේශීයව යම් යම් ස්ථානවල ඉදිකරනු ලැබූ විශාල කුළුණු මගිනි. 

නමුත් මෙම කුළුණුවල සිට දත්ත දුර්වලවීමකින් තොරව යැවිය හැකි වන්නේ ඉතා කෙටි දුරක් පමණි. එබැවින් අදටත් 4G තාක්ෂණය නාගරික ස්ථාන කීපයකට පමණක් සීමා වී තිබෙන්නේ එබැවිනි. එනිසා 4G තාක්ෂණය අදටත් ගම්බද අයට සිහිනයක් වී ඇත.

මේ ගැටළුවට හොඳ විසඳුමක් සපයන්නට PCell තාක්ෂණයට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වනු ලබන්නේ 4G තාක්ෂණයට වඩා වෙනත් ආකාරයකටයි. මෙම PCellඋපකරණ ඉතා කුඩා ප්‍රමාණයේ රවුටර්යක් වැනිය. එය සෑම නිවසකම එකක් වන සේ සවි කරනු ලැබේ. ගුවන්විදුලි සිග්නල් වඩාත් දියුණු මට්ටමකට වැඩිදියුණු කර එමගින් මෙම PCell උපකරණ අතර සන්නිවේදනය සිදු කරනු ලබනවා.

මේ තාක්ෂනයේදී භාවිතා කරන PWave ගුවන්විදුලි තරංගයන් දත්තයන් සම්පේ‍්‍රෂණය කිරීම සදහා භාවිතා කරන්නේ miliwatt 1 ක් පමණයි. එම හේතුව නිසා මෙම ජාලයත් සමග සම්බන්ධ වීමේදී දුරකතයන් මගින් වැයවෙන්නේ ඉතාමත්ම සුළු බලයක් වෙන අතර නිරන්තරයෙන් තරංග සෙවීම ද අවශ්‍ය වන්නේ නැහැ.
එම සමාගම නිවෙස් වල වහලවල් 350 ක් පමණ PCell උපකරණයන් සවි කරමින් මුළු නගරයම ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බව පැවසෙනවා. ඉදිරියේදී ලෝකවාසී ජනතාවටම මෙම සුපිරි වේගවත් ජාලයේ පහසුකම් අත්විදීමට හැකියාව තිබෙනු ඇති බන නිෂ්පාදකයින් පවසනවා. නමුත් මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට කෙසේ ව්‍යාප්ත වන ඇත්දැත් තවමත් නිගමනය කරන්නට බැහැ.

Vidatha - Nochchiyagama.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "4G වලට වඩා වේගවත් PCELL තාක්ෂණය"

    Post a Comment