24 June, 2017

තරඟාවලිය ඇරඹීමට පෙරම, සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

Zimbabwe - Sri Lanka

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය මෙම මස 30 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.මෙම තරඟාවලියට සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්කොට්ලන්තය සමඟ සහ නෙදර්ලන්තය සමඟ එක්දින තරඟාවලි දෙකකට සහභාගී වීමෙන් අනතුරුවය.

සිම්බාබ්වේ කණ්ඩායම දක්වන දක්ෂතා මේ වන විට තරමක පසුබෑමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අනතුරු ඇඟවීමට සමත් වී ඇති අතර,නෙදර්ලන්තය සමඟ තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සිම්බබ්වේ කණ්ඩායම සමත් වී ඇත.

තරඟාවලියේ පළමු තරඟයේ සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක චාතුර්යා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර දෙවන තරඟයේ නෙදර්ලන්තය ලබාගත් ලකුණු 291 හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හයකින් තරඟාවලිය ජයගැනීමට සමත් වුනේ වර්ෂාව නිසා ඉලක්කය පන්දුවාර 37 කදී ලකුණු 230 කිරීමෙන් අනතුරුවය.

මෙම තරඟයේ සුපිරි පිතිහරඹයක නිරත වූ සොලමන් මීරා සහ ක්‍රෙග් අර්වින් අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.ශ්‍රී ලංකාවට එන ආසන්නම ප්‍රතිවාදීන්ගේ ආසන්නම දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විටත් හොඳ අවබෝදයකින් සිටීනම් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පහසු එකක් වනු ඇත. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරඟාවලිය ඇරඹීමට පෙරම, සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි"

    Post a Comment