20 June, 2017

ස්කොට්ලන්තයේදී, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට සමවේ

Zimbabwe Cricket

ශ්‍රී ලංකාවට මීළඟට හමුවන ප්‍රතිවාදියා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරඟ 5ක ට සහ ටෙස්ට් තරඟයකට සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තයෙදී එක්දින තරඟදෙකකට මුහුණ දුන් අතර තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

පලමු තරඟය ස්කොට්ලන්තය පහසුවෙන් ජයගත්තද දෙවන තරඟය සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්තය පරාජයට පත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ද ස්කොට්ලන්තය සමඟ නිල නොවන එක්දින තරඟ දෙකකට චැම්පියන්ස් කුසලානය ට පෙර තරඟ වැදුන අතර එහිදීද අත්වුයේ සිම්බාබ්වේ කණ්ඩායමට අත්වූ ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයකි.ස්කොට්ලන්තය පලමු තරඟය පහසුවෙන් ජයගත් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්තය දෙවන තරඟය පරාජයට පත්විය.

මෙම තරඟ ප්‍රතිපලය සසඳා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ස්කොට්ලන්තයෙදී සමාන බව නිගමනයට පැමිණිය හැක.තරඟාවලිය තුල දක්ෂතා දැක්වූ මැල්කම් වොලර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා පිළබඳව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන අතර පන්දු යවන්නන් ලෙස ස්කොට්ලන්තයෙදී සාර්ථක වූ ග්‍රැහැම් ක්‍රීමර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා ශ්‍රී ලංකාවේ දීද දඟ පන්දු යවන්නන්ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් විය හැක. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්කොට්ලන්තයේදී, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට සමවේ"

    Post a Comment