24 June, 2017

නිදන ඇඳ මත දී පිහි ප්‍රහාර රැසක් - කොට්ටාවේ තරුණියගේ ඝාතනය පසුපස රට රස්සාවක් !

Tharindi Aloka - 01

කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක උඩු මහලක ඝාතනයට ලක්වූ තරුණිය විදෙස් රැකියාවක්‌ සඳහා යෑමට සූදානම් වන බව දැන ගැනීමත් සමග පෙම්වතා විසින් ඝාතනය කරනු ලැබ ඇති බවට මේ වනවිට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැක පළ කරනවා.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී එම තරුණයා ඝාතනය සිදුවූ අවස්ථාවේ එම නිවසේ සිට ඇති බවට තොරතුරු හෙළිවූ බවයි කොට්ටාව පොලිසිය සඳහන් කළේ.

තරින්දි ආලෝකා නැමති 26 හැවිරිදි ඝාතනයට ලක්වූ තරුණියට ඇඳ මතදී ගෙල සහ පිට ප්‍රදේශයට මාරාන්තික පිහි ප්‍රහාර රැසක් එල්ලවී ඇති අතර ස්‌වාසනාලයට රුධිරය වහනය වී හුස්‌ම හිරවීමෙන් මරණය සිදුව ඇති බව ඊයේ (23) පස්වරුවේ පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වනවිට සැඟව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

පෙරේදා (22) දහවල් සිය නිවසේ නිදන ඇඳමත ලේ විලක් මැද ඇය ඝාතනය කර සිටිනු දැක ඇත්තේ ඇගේ සොහොයුරියකයි.

Tharindi Aloka - 02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිදන ඇඳ මත දී පිහි ප්‍රහාර රැසක් - කොට්ටාවේ තරුණියගේ ඝාතනය පසුපස රට රස්සාවක් !"

    Post a Comment