24 June, 2017

කොටදෙණියාවේ තවත් ඝාතනයක් - දැරියක් මරුට - තවත් දැරියකට බරපතළයි

girl-murded

කොටදෙණියාව - හෙලගම කිතුල්වල ප්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ දැරිය රැඳී සිටි නිවසට පැමිණි පුද්ගලයෙකු දැරියගේ මව සහ ඇයගේ තවත් සහෝදරියකට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හය හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය පැවසුවා.

තුවාල ලැබූ මව හා නව හැවිරිදි අනෙක් දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔවුන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩ්දුරටත් සඳහන් කළේ.

ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 47 හැවිරිදි එම කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. (nethnews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොටදෙණියාවේ තවත් ඝාතනයක් - දැරියක් මරුට - තවත් දැරියකට බරපතළයි"

    Post a Comment