07 June, 2017

තරංගගේ තහනමේ වගකීම සියල්ලන්ගේම කරමතට

Dinesh Chandimal-Upul Tharanga

ඉන්දියාවට එරෙහිව පන්දු යැවීමෙන්ද කණ්‌ඩායමට දායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ උත්සහ කරමින් සිටින බව වාර්තා වනවා.

ඔහු මේ වන විට සුවය ලබා තිබුණ ද පන්දු යැවීම තවමත් සිදු නොකරන අතර අද පුහුණුවීම්වලදී ඔහු පන්දු යැවීමට උත්සහ කිරීමට නියමිතයි.

''මගේ ශාරීරික සෞඛ්‍ය නිසා අවසන් මාස හත අට මට ඉතාමත් දුෂ්කර වුණා. නමුත් මගේ ශරීරය මේ වන විට සුව අතට පත්වෙලා තියෙනවා. මට පිතිකරණයේ යෙදෙන්න කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් මම උත්සාහ කරන්නේ පන්දු යැවීමෙනුත් කණ්‌ඩායමට උපරිමය ලබාදෙන්න. ඒ පිළිබඳව කණ්‌ඩායම් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරනවා." යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කර තිබෙනවා.

උපුල් තරංගට තරග දෙකක්‌ තහනම්වීම සමස්‌ත කණ්‌ඩායමේම වරදක්‌ බව ද ඇන්ජලෝ මැතිව්ස්‌ පවසනවා.

"නායකයා සමග වැඩ කිරීමට කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ වගකීම. තරංග අපේ කණ්‌ඩායමට තීරණාත්මක සාධකයක්‌. ඔහුගේ තහනමට තනිවම ඔහුට වරද පටවන්න බැහැ."

ඉන්දියාවට එරෙහිව සියලු සැලසුම් සාර්ථක කර ගනිමින් කදිම පුහුණු සැසියකට සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද (7)ඕවල් ක්‍රීඩාංගණයට පිවිසීමට නියමිතයි.

එහිදී කණ්‌ඩායම ලබන පෙරහුරුව හෙට (8)තරගය සඳහා වැදගත් සාධකයක්‌ බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් හෙට තරගයේදී උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන අතර තවත් වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවීමට නියමිතව ඇතැයි කණ්‌ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වනවා. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරංගගේ තහනමේ වගකීම සියල්ලන්ගේම කරමතට"

    Post a Comment