නුගේගොඩ විජේරාම සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ වෙළෙඳසල් හතරකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව පැවසෙන පුද්ගලයකු මිරිහාන මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු හිටපු යුද හමුදා සාමාජිකයකු බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු සේවා බළකායේ වසර තුනක පමණ කාලයක් සේවය කර ඇති මොහු 2012 වසරේදී ඉන් ඉවත්වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොහුගේ පියා රජයේ විශ්‍රාමික වෛද්‍යවරයෙකි.
2014 වසරේදී මොහු බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඔහු එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කිට්ටු සබඳතාවක් පවත්වන බවත් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරවා.. එසේම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට
එරෙහිව බොරැල්ලේ පසුගියදා පැවැති විරෝධතාවයකටද මොහු සහභාගි වී ඇති බවද හෙළිවී ඇත. බොදු බල සේනා සංවිධානයේ දේශන හා විරෝධතාවලට සහභාගි වෙමින් කටයුතු කරන ඔහු එම සංවිධානය යටතේ ඇති කුඩා සංවිධානවලද ක්‍රියාකාරී සාමාජිකයකු බවද පොලිසිය සඳහන් කරනවා.
ගෙවුණු සති කිහිපය ඇතුළත නුගේගොඩ විජේරාම, මහරගම, නාවින්න සහ මහරගම මංසන්ධිය යන ප්‍රදේශවල පිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ වෙළඳසල් හතරකට මොහු ගිනි තබා තිබූ බවටද හෙළි වී ඇති අතර මධ්‍යම රාත්‍රි 12.00න් පසු මොහු පාපැදියක නැඟී පෙට්රල් බෝතලයක්ද අතැතිව ගොස් මෙම ගිනි තැබීම් සිදු කර තිබූ බවද විමර්ශනවලදී තහවුරු වී ඇත.
ඉකුත් 09 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති මොහු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවත් අද (12දා) දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
මොහු වෘත්තියෙන් ආපනශාලාවක සේවකයකු ලෙස කටයුතු කරන බවද පොලිසිය කියයි.
එම සිද්ධියට කුපිත වෙමින් මුස්ලිම් ජනතාවගේ ගෙවල්වලට ප්‍රහාර එල්ල කළ තවත් සිංහල තරුණයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා. (neth)

Share this
|
|
0 Comment to "මුස්ලිම් කඩ ගිණි තිය තිය යන දොස්තර පුතා"
Post a Comment