ඊයේ (11) උදෑසන කොළඹ කොටුවේ සිට අබේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුමිරියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.
දුම්රිය ස්ථානයට මෙම හිස කොටස බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඊයේ (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමිෙදී
දුම්රියක ගැටුනු සොයුරන් දෙදෙනාගෙන් බාල සොහොයුරාගේ බවය.
සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණි අනුරාධපුරයේ තරුණයකු තම සොයුරා සමග කොල්ලුපිටිය දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සැරසෙද්දී ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඊයේ දිනයේ (11) මරුමුවට පත්වුණි.. එම අනතුරේදී වයස 12 ක දරුවාගේ හිස කොටස ගැලවී ගොස් දුම්රිය මැදිරි දෙකක් අතර කොටසේ මෙලෙස සිරවී තිබී ඇත.
මෙම සිරුරක හිස කොටස නොමැති බව පොලීසිය විසින් දැනුම් දී තිබී ඇති අතර මේ අනුව හිස කොටස කොල්ලුපිටිය පොලිස්ථානය වෙත බාර දීමට පියවර ගත් බව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩ්බ්ලිව්.ඒ.ගෆාර් මහතා පැවසීය.

Share this
|
|
0 Comment to "කොල්ලුපිටියේ සෙල්ෆි අනතුරින් මරු දුටු බාල සොහොයුරාගේ හිස ගම්පහින් හමුවේ!"
Post a Comment