19 June, 2017

සෞඛ්‍යය කෙරෙහි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ බලපෑම කෙබදුද?

ICT impact on health

මෑත කාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයන් අපගේ ජීවිතයන්හි ප්‍රධාන අංගයන් බවට පත්ව තිබේ.ලොව පුරා සෞඛ්‍යය ෂේත්‍රය තුල තොරතුරු තාක්ෂණය අඩු වශයෙන් භාවිතා කලද දැන් දැන් සැලකිය යුතු මට්ටමකින් එහි භාවිතය ඉහල යමින් පවතී.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය , සෞඛ්‍යය ෂේත්‍රයේ සත්කාර සපයන අය හට ඉලෙක්ට්‍රොනික් සෞඛ්‍යය සත්කාරයෙන් අදාල තොරතුරු එක්රැස් කිරීම ,ගබඩා කිරීම සමුද්ධරණයට ,හුවමාරුවට ,බෙදාහදා ගැනීමට ඉඩ සලසයි. සෞඛ්‍යය සත්කාර සැපයීමේදි පරිපාලන හා සායනික යන අංශ දෙක සදහාම සහාය ලබා දෙන සන්නිවේදන විද්‍යුත් පද්ධති පවතී.

තොරතුරු තාක්ෂණයේ කාර්යයන් වෙනත් ඕනෑම කර්මාන්තයකදී හෝ ආයතනයකදී ලෙසම, සෞඛ්‍යය ෂේත්‍රයේදීද සෞඛ්‍යය සත්කාර පද්ධති කළමණාකරනයේදී විශේෂ කාර්යයක් ඉටු කරයි. එනම් මූල්‍ය කළමණාකරනය ,පරිපාලනය, කාර්ය මණ්ඩල කළමණාකරනය හා ඖෂධ සහ උපකරන මිලදී ගැනිම යනාදිය සම්බන්ධවයි.

රෝගින් සදහා වන ශායනික සත්කාරයේදි තොරතුරු තාක්ෂණය විශාල කාර්යයන් ඉටු කරයි.එනම්,රෝගින් සදහා වන ශායනික සත්කාරයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි කාරයයභාරය වනුයේ ප්‍රධාන වශයෙන් විද්‍යුත් වෛද්‍ය වාර්තා තබා ගැනීමය.

එලෙස ,විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනී.උපාධිය හා පශ්චාත් උපාධිය සදහා මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලෙන විට ,විවිධ අංශයන්හි තොරතුරු ලබාගැනිමට සන්නිවේදන තාක්ෂණය උපයෝගි කර ගනී.වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනුම් සම්භාරය පුලුල් කර ගැනීමට වෛද්‍ය වෘත්තිකයන් පමනක් නොව සෞඛ්‍යය ෂේත්‍රයේ නියැලෙන සෑම සියලු දෙනාටම මහත් පිටිවහලක් වී ඇත.කිසියමි ගැටලුවක් පැන නැගි විට විද්‍යුත් සන්නිවේදන උපකරණ ඉදිරියේ බොත්තම එබු සැනින් තොරතුරු ලබා දීමට තරම් අද වර්තමානයේ තොරතුරු තාක්ෂණය දියුණු වී ඇත.

එලෙසම , සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වර්තමාන ලෝකය දෙස බලන කල නවීන තාක්ෂණික මෙවලම් මෙන්ම ක්‍රම උපයෝගී කර ගනිමින් විවිධ ගැටළු අවස්ථාවන්හි දී පිලිතුරු සොයා

ගන්නා බව පෙනේ. රෝගීන්ට අවශ්‍ය යම් යම් සත්කාරයන් පිලිබද තීරණ ගැනීමේදි වෛද්‍ය වරුන්ට සහාය විය හැකි මෙන්ම රෝගීන්ගේ ශායනික වෙනස්වීම් ඇති වෙමින් පවත්නා විට ඒ පිලිබද කල්තබා අනතුරු ඇග වීමෙන් වෛද්‍ය වරුන්ගේ අවධානය යොමු කරවන,පරිගනක පදනම් කර ගත් පද්ධති දැන් වඩා බහුල ලෙස භාවිතා වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන තවත් විශේෂ අංශයක් වනුයේ “ටෙලිමෙඩිසින්” ලෙස හැදින් වෙන අංශයයි.එමගින් රෝගියකු හට තමන්ගේ රෝගයට අවශ්‍ය ඉතා ඉහල ගුණාත්මක බවින් යුත් සත්කාරයන්, දුරස්ථ ස්ථානයක සිට ලබා ගැනිමට පහසුකම් සැලසෙයි.

සෞඛ්‍යය සත්කාර කෙරෙහි පමණක් නොව එම සත්කාර ප්‍රස්තුත පිලිබද රෝගීන් හා මහජන අධ්‍යාපනයේදීද තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉටු කරන කාර්යයන් දිනෙන් දිනම වැදගත් හා ඉහල යමින් පවතී. (vidathanet)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සෞඛ්‍යය කෙරෙහි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ බලපෑම කෙබදුද?"

    Post a Comment