25 June, 2017

වර්ජනය පරදන්න පිටරටින් වෛද්‍යවරු පන්දහසක්‌?

Doctor Strike

වෛද්‍ය වර්ජනය අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබූ බව වාර්තා වනවා.

මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට සැලසුම්කර තිබූ බවයි ඉරිදා පුවත්පතක් වාර්තා කර ඇත්තේ.

දැනටමත් විදේශ රටවල වෛද්‍යවරු මෙරට සේවයේ නිරතව සිටින බවත් ඉදිරියේදී වෛද්‍යවරු ගෙන්වන්නේ නම් ඔවුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා රෝහල්වල සෙසු සේවාවන්හි සිටින ඉංග්‍රීසි දැනුම ඇති පිරිස්‌ සහ භාෂා පරිවර්තකයන්ගේද සහය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටි බවත් පුවත්පත වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධව පසුගිය සිකුරාදා වන විට අවසන් තීරණයකට එළැඹ නොතිබූ බවත් ඊට හේතුවී ඇත්තේ ආණ්‌ඩුවේ තවත් කණ්‌ඩායමක්‌ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම නිසා බවත් එහි වැඩි දුරටත් සඳහන්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වර්ජනය පරදන්න පිටරටින් වෛද්‍යවරු පන්දහසක්‌?"

    Post a Comment