20 June, 2017

පාකිස්තානු නාවික භටයාගෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම‍ට ප්‍රහාරයක් - ලොවක් නොදැන සිටි රහස හෙලිවේ

Fakhar Zaman

ශූරයන්ගේ කුසලානය තමන් සතු කරගැනීමට පාකිස්තානය සමත් උනා. ඒ ඉන්දියාව පරාජය කරමින්. එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබා ගැනීමට පාකිස්තානු නවක පිතිකරු Fakhar Zaman සමත් උනා. අවසන් මහාེ තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත් Fakhar Zaman මේ තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

Fakhar Zaman පිළිබදව කිසිවෙකු නොදත් පුවතක් පාකිස්තානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එනම් Fakhar Zaman පාකිස්තානු නාවික හමුදාවේ සේවය කළ නාවික භටයෙක් බව.

1990 උපත ලද Fakhar Zaman 2007 වසරේදි පාකිස්තානු නාවික හමුදාවට එක්ව තිබෙනවා. එහිදි පාකිස්තානු නාවික හමුදා කණ්ඩායම සමග එක්ව සිය දස්කම් වැඩිදියුණු කර ගත් Zaman 2013 වසරේදී නාවික හමුදාවෙන් ඉවත්ව තිබෙන්නෙ පාකිස්තානු ජාතික කණ්ඩායමට එක්වීමේ සිය සිහිනය සැබෑ කර ගැනීමටයි.

අවසන ජාතික කණ්ඩායමට එක්ව අවශ්‍යම මොහොතක සිය මංගල ශතකය ලබා ගත් Fakhar Zaman නියම රණශූරයෙකු සේ සිය මවුබිමට ජයග්‍රහණය දිනා දීමට සමත් උනා. 

Fakhar Zaman - 02

Fakhar Zaman - 03

(nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාකිස්තානු නාවික භටයාගෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම‍ට ප්‍රහාරයක් - ලොවක් නොදැන සිටි රහස හෙලිවේ"

    Post a Comment