20 June, 2017

චීන සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලන ණය චක්‍රයක්

University students China

සරසවි සිසුන් ඉලක්ක කර ගනිමින් ගෙන යමින් පවතින ණය ජාවාරමක් නතර කරන ලෙස චීන ආණ්ඩුව අන්තර්ජාල ණය දෙන්නන්ට නියෝග කර ඇත.

චීන ආණ්ඩුවේ නියෝගය නිකුත් කෙරුණේ එම ණයදීමේ ව්‍යාපාරය තුළ අනුමත කළ නොහැකි අප්‍රසන්න පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුවෙන බවට චෝදනා එල්ල වීමෙන් පසුවයි.

චීනයේ මුල්පෙළේ ණයදෙන බැංකු පුද්ගල ණය සැපයුම් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ පටන් අන්තර්ජාලය ඔස්සේ ණය සැපයුම මෑත අවුරුදුවල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

ඇතැම් අන්තර්ජාල ණය දෙන්නන් සිසුන්ට ණයමුදල් සැපයීමේ දී ඉතා අධික පොලී අනුපාතයන් සඳහා එකඟව ණය ගිවිසුම් අත්සන් තබන මෙන් ශිෂ්‍යයන්ට බලපෑම් කරන අතරම තර්ජනය කිරීම් පවා වාර්තා වී ඇත.

ණය ඉල්ලා ඉදිරිපත් වූ සිය ගණනක් තරුණ ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාව සහතික කෙරෙන හැඳුනුම්පත් සඳහා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සපයන ලෙස බළකොට ඇති අතර ලබාගත් ණය ආපසු ගෙවීමට එම ශිෂ්‍යාවන් අසමත් වුනොත් එම පින්තූර ඔවුන්ගේ දෙමව්පියන්ට යවන බවට අනතුරු අඟවා ඇත.

එසේ ලබාගත් සීයකට අධික තරුණ ශිෂ්‍යාවන්ගේ නිරුවත් ඡායාරූප සහ ඔවුන්ගේ තොරතුරු පසුගිය දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට කාන්දු වී තිබුණි.

චීනයේ බැංකු, අධ්‍යාපන සහ සමාජ සුරක්ෂිතභාවය භාර බලධාරීන් නියෝගයක් නිකුත් කරමින්, අධි පොලී සහිත ණය සැපයුම සරසවි සිසුන්ගේ ආරක්ෂාවට බරපතළ හානි සිදු කරන බව පවසමින් එකී අන්තර්ජාල ණය දෙන්නන්ට එරෙහිව පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙයි.

එවැනි ණය දෙන්නන් කොපමණ සංඛ්‍යාවක් චීනයේ සිටින්නේද යන්න නිවැරදිව කිව නොහැකි නමුත් එවැනි ව්‍යාපෘතීන් 500 ක් පමණ ලැයිස්තුගත කරනු ලැබ ඇත.

මෑත අවුරුදුවල ඇතැම් ණය දෙන්නන් සහ "ණය මෝරුන්" සරසවි සිසුන් ඔවුන්ගේ ඉලක්ක බවට පත්කර ගත් අතර එහි ප්‍රතිවිපාකය වුණේ සිසුන් ගෙවාගත නොහැකි ණය චක්‍රයක සිරවීමයි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චීන සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලන ණය චක්‍රයක්"

    Post a Comment