කෘතීම බුද්ධි ඇල්ගොරිදමය(Artificially Intelligent Algorithms) ක්‍රියාත්මක කරන නව චිපයක (chip) හැකියාව ප්‍රදර්ශනය කිරීමට විද්‍යාඥන් විසින් චිත්තාවේග හඳුනන මෙම බෝනික්කා නිර්මාණය කර තිබේ. මේ සදහා මුහුණේ ඉරියව් බෝනික්කාගේ කුඩා කැමරාව මගින් ජායාරුප ගත කර එම ඉරියව්වල ඇති චිත්තාවේග හඳුනාගත හැකි වන ලෙස සැකසු ප්‍රතිලේඛන සහිත පද්ධතියක් බෝනික්කා තුළ අන්තර්ගත කිරීමට ඔවුහු සමත් වුහ.
දරුවාට දුකක් දැනේද ? එය ක්ෂණයෙන් බෝනික්කා හඳුනාගෙන ඒ බව ප්‍රකාශ කරයි. පුදුමය සහ සතුට ඇතුළු මේ ආකාරයේ චිත්තාවේග 8 ක් දරුවාගේ මුහුණේ ඉරියව් මගින් හඳුනාගැනීමට බෝනික්කා සමත් වේ. තවද මෙවැනි චිපයක් සහිත බෝනික්කාගේ මිල යුරෝ 115 (ආසන්න වශයෙන් රු 20,000) ක් වීම මගින් කෘතීම බුද්ධිය භාවිතා කිරීමටයුරෝපිය ජනතාවට ඇති හැකියාව වැඩි වී ඇති බව සනාථ වේ.
නුදුරු අනාගතයේදී සැම ස්ථානයකම මිලියන ගණනින් ඇස් අප වෙත යොමුවී තිබෙනුයේ හුදෙක් අපව දැකීමට පමණක් නොව අපට උදව් කිරීමට බව ව්‍යාපෘතියේ මුලිකයා වූ ස්පාඤ්ඤයේ
Castill-La Mancha විශ්ව විද්‍යාලයේ Oscar Deniz පවසයි. කෘතීම බුද්ධියේ නවීනතම දියුණුව අනුව වස්තු හඳුනාගැනීම, මුවෙහි තොල් චලනය හඳුනාගැනීම, මුලික තීරණ ගැනීම යනාදිය සදහා නව කෘතීම බුද්ධියේ අල්ගොරිදමයන්ට හැකියාව තිබේ. එම හැකියාවන් ඇතුලත් බෝනික්කා වැනි පාරිභෝගික වස්තු නිර්මාණය වීම නුදුරු අනාගතයේ සිදුවනු ඇත. ඒ අනුව කෘතීම බුද්ධිය සහිත සෙල්ලම් බඩු, ද්‍රෝන, කුඩා රොබෝවරු වැනි අනුමාන කළ නොහැකි උපකරණ භාවිතා කිරීමට අපට හැකිවේ යයි Deniz පවසයි.
Deniz ගේ නව බෝනික්කාගේ සුවිශේෂිත්වය නම් එහි ක්‍රියාකාරිත්වය සදහා අන්තර්ජාලය කිසිසේත් සම්බන්ධ නොවීමයි. එනම් එමගින් පෞද්ගලිකත්වය ආරක්ෂා වේ. මින් පෙර අලෙවි වූ My Friend Cayla නම් බෝනික්කා ක්රියාකාරිවිමට cloud හරහා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙන් පෞද්ගලිකතත්වයට හානි සිදුවූ බවට විශාල ආන්දෝලනයක් ඇති විය.
සියලු ක්‍රියාකාරිකම් උපකරණයට පමණක් සීමාවීම මේ යුගයේ අවශ්‍යතාවයක් බවත් අන්තර්ජාලයේ විවධ තාක්ෂණයන්ගේ ආධාරයෙන් තොරව සිතීමේ හැකියාව ඇති කෘතීම බුද්ධිය සහිත උපකරණ හෙට දින ඉපදී ඒවා මගින් අද දින පවතින ගොළු උපකරණ ප්‍රතිස්ථාපනය වන බවත් Deniz තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (vidathanet)

Share this
|
|
0 Comment to "දරුවන්ගේ චිත්තාවේග හඳුනන බෝනික්කා"
Post a Comment