07 May, 2017

මව්බිමේ පචායුධය ජාත්‍යන්තර සමුළුවලට රජයේ වියදමින් පුතත් එක්ක ගිහින් – මංගලගෙන් හෙළිදරව්වක් !

Weerawansha Family

පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවක් සඳහා විමල් වීරවංශ මහතා තම පුත්‍රයාද රජයේ ධූතයෙකු ලෙස සහභාගීකරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමන් සිය පුතුව මෙම සංචාරය සඳහා කැටුව ගියේ රජයේ වියදමින් නොවන බවත් තම පුද්ගලික වියදමින් බවත් ඊට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

රජය රටතුළ සහජීවනය ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ ඇතැම් තානාපති කාර්යාල අපරාධකරුවන්ට රැකවල් ලබාදුන් ස්ථාන බවට පත් වී තිබූ බව පැවසී ය. ඒ පිළිබඳව දැන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව ද කීය. පසුගිය රජය සමයේ මෙලෙස තානාපති කාර්යාල භාවිත කළ පිරිස් මෙරට මුදල් භාවිත කරමින් පවුල් පිටින් විදෙස් සංචාරවල නිරතව මෙරට මුදල් කාබාසිනියා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

වියනා සම්මුතිය අනුව වරප්‍රසාද ලබාදීම 2011 දී ඇමැති කරන්න අවස්ථාවක් තිබුණත් එය ප්‍රතික්ෂේප කරලා තිබුණා. අපේ රට එක්ක වැඩකරන ආයතන රාශියකට ලබාදිය යුතු වරප්‍රසාද ලබාදෙන්න පසුගිය කාලයේ සිටි අමත්‍යවරයා අසමත් වුවත් පසුගිය රජය සමයේ මිනීමැරුම් කළ අය ආරක්ෂා කළ අය තානාපති කාර්යාලවල ආරක්ෂා කිරීමට පසුගිය රජය කටයුතු කර තිබුණා.

මම පෙන්නුවේ යුග දෙකක වෙනස. එදා රාජ්‍ය තාන්ත්‍රික නීති රීති තමන්ගේ හෙංචයියන්ට සළකන්න තානාපති කාර්යාල භාවිතා කළා. ජාත්‍යන්තර සම්මුති හා ගිවිසුම්වලින් හිමිවු වරප්‍රසාද ලංකා රජයට ලබාදීමට පසුගිය රජය අසමත්වූ බව මංගල සමරවීර මහතා පැවසීය.

“ඉලෙක්ට්‍රික් පුටුවෙන් අපි මහින්ද රාජපක්ෂ බේරාගත්තා. ඒ කාලයේ ගුවන් යනා පිටින් එක්ක යන්නේ. අපි ඓතිහාසික වෙසක් උත්සයකට ලැස්තිවෙනවා. ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සමරනවා. ඉන්දීය අගමැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයන් විශාල පිරිසක් සහිතව සමරනවා. මේ කටයුත්ත මුළුන් ම කළේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය, ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා, ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා. ඔවුන් රටට ගෙනා කීර්තියට ස්තූතිවන්ත වෙනවා. කළු කොඩි දාන අයට දාලා බලන්න කියන්න. පූජනීය දවසක කළු කොඩි දාන්නට ඉඩ තියන්නේ නෑ. ඒ දැමීමෙන්ම බංකොළොත් තත්ත්වය ලෝකයටම පැහැදිළි වෙනවා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මව්බිමේ පචායුධය ජාත්‍යන්තර සමුළුවලට රජයේ වියදමින් පුතත් එක්ක ගිහින් – මංගලගෙන් හෙළිදරව්වක් !"

    Post a Comment