07 May, 2017

ඕනම විවාහ ජීවිතයක ප්‍රශ්ණ තියෙනවා – ඒවා ලෝකෙට කියන්න ඕන නෑ – ශෙරිල් ඩෙකර්

sheril dekker-03

ඕනෑම විවාහ ජීවිතයක ප්‍රශ්ණ තිබෙන බවත් ඉන් ඇතැම් ඒවා තාවකාලික බවත් ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිව ගේ බිරිඳ වන ශෙරිල් ඩෙකර් පවසනවා.

සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය ප්‍රකාශකර ඇත්තේ එවැනි පවුල් ප්‍රශ්ණ සම්බන්ධයෙන් සමාජයේ ඇතිවන කතාබහ ගැන සිතා බැලීමට කාලය වෙන් කිරීම ඵල රහිත බවයි.

එහිදී ඇය මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

කාලයක් ඔබගේත් රුවන් ගේත් විවාහ දෙදරලා ගිහින් කියලා කතාවක් තිබ්බා නේද?

ඔය වැඩක් නැති මිනිස්සු හදන කතාවලට ඇයි අපි ලේ කෝප කරගන්නේ. ඕවා ගැන කතා කරන්න ගියොත් වෙන්නේ අපේ කාලය නාස්ති වෙන එක. අපි දෙන්නා හොදින් තේරුම් අරන් ඉන්න දෙන්නෙක්. ඕනම විවාහ ජීවිතේක පුංචි පුංචි ප්‍රශ්ණ එනවා. ඒවා ඒ වෙලාවට විතරයි. මුලදිනම් ගොඩක් දුක හිතෙනවා. කලකිරිම ඇති වුනා. ඇයි මිනිස්සු එහෙම කතා හදන්නේ කියලා. දැන් මම ඒවා ගැන හිතන්නේ නෑ. අපි නිවැරැදි කියලා අපි දන්නවා. අපි ඒවා ලෝකෙට කියන්න ඕන නෑ.

ශෙරිල් ගේ විලාසිතාවලට රුවන්ගෙන් තහංචි නැද්ද ?

අපෝ නෑ.එයා කැමති මම කොහොමත් ලස්සනට ඇදලා ඉන්නවට.

උපන්දින සාදයකට ඇදපු විලාසිතාවක් ගැන චෝදනා ආවා නේද? විලාසිතා කරද්දි ටිකක් හිතුවොත් නරකද?

මේ සමාජේ ඉන්න මිනිස්සුන්ගේ ඇදුම් දිහා බලලා එයා හොඳද නරකද කියන්න බෑනේ. මගේ ඇදුමට ගොසිප් වෙබ් වල කතා ගිහින් තිබ්බා. පොඩ්ඩක් කොටට ඇදලා දනිස්ස පෙනුනාම එයා නරක කෙනෙක් වෙන්නේ කොහොමද. ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ පටු මානසිකත්වකක්. ඇදුමෙන් මිනිස්සු මනිනවා කියන්නේ මේ රටේ ඉන්නේ මානසික ලෙඩ්ඩු. මගේ වියදමින් කරන විලාසිතාවලට ඇයි කාටවත් රිදෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඕනම විවාහ ජීවිතයක ප්‍රශ්ණ තියෙනවා – ඒවා ලෝකෙට කියන්න ඕන නෑ – ශෙරිල් ඩෙකර්"

    Post a Comment