07 May, 2017

වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කර මරා දැමූ සිව් දෙනාට මරණ දඬුවම

Medical student was raped and killed four sentenced INDIA

ලොව පුරා ජනතාව කම්පනයට පත්කළ, නවදිල්ලි නුවර වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරනවා.

අභියාචනය ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරුවරිය වන ආර් බානුමති කියා සිටියේ මෙම සිව්දෙනා “ම්ලේච්ඡ අපරාධයක්” සිදුකර ඇති බවයි.

2012 දෙසැම්බර් මාසයේදී විසි තුන් හැවිරිදි භෞතචිකිත්සක ශිෂ්‍යාව සමුහ දුෂණයට ලක්වූයේ පොදු බස් රථයක් තුළදීය. ඇය සමඟ සිටි මිතුරාට ද දරුණු ලෙස පහර දී තිබුණා.

මෙම ශිෂ්‍යාව දෙසතියකට පසු රෝහලේදී මියගියා.

සිද්ධියට සැකපිට පුද්ගලයන් සයදෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවේ සිටියදී සිය දිවි හානිකරගත්තා.

මේ පුද්ගලයන් වරදකරුවන් බව ඔප්පු වූ අතර සිද්ධිය සිදුවන විට දාහත් වැනි වියේ පසුවූ අයෙක් බාලවයස්කාර අපරාධකරුවෙකුට දිය හැකි උපරිම තුන්වසරක පුනරුත්ථාපන සිරදඬුවම විඳ නිදහස ලැබුවා. (janayugaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කර මරා දැමූ සිව් දෙනාට මරණ දඬුවම"

    Post a Comment