17 May, 2017

බිරිදගේ රහස් ප්‍රදේශය කැපූ සැමියා අත්අඩංගුවට

wife-beaten-by-husband

තම බිරිඳ විසින් නිතරම ලබාගන්නා දුරකථන ඇමතුම් පිළිබඳව සැකසිතූ සැමියෙකු විසින් බිරිඳට අමානුෂිකව පහරදුන් පුවතක් බියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.සැකකාර සැමියා නිවසට පැමිණෙන අවස්ථාවේ කාමරයේ දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටි ඔහුගේ බිරිඳටයි මෙලෙස පහරදී ඇත්තේ.

ඒ තම බිරිඳ අන් අයෙකු සමඟ කතා කරන බවට සැකකිරීම හේතුවෙන්.සැකකරු විසින් මන්නා පිහියකින් මෙම අමානුෂික පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කාන්තාවගේ හිසට, ගෙලට, රහස් ප්‍රදේශයට, කලවාවලට, අත්පා වලට, පහරදීමෙන් බරපතල කැපුම් තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මොවුන් බියගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිට ඇති අතර ඔවුන් මහනුවර මැටිවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිරිදගේ රහස් ප්‍රදේශය කැපූ සැමියා අත්අඩංගුවට"

    Post a Comment