ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන උද්ඝෝෂණ හා වැඩ වර්ජන මැඩලීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත යම් විශේෂ බලතල පැවරීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය දිනක කළ ප්‍රකාශය පිළිබඳ මෙරට විදෙස් තානාපති අංශ කිහිපයකම විශේෂ අවධානයක් යොමුව ඇත.
ඒ අනුව රාජිත සේනාරත්නගේ මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳ විශේෂ
වාර්තාවක් තම රටවල් වෙත යැවීමටද මෙම තානාපති අංශ මේ වන විටත් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙම තානාපති කාර්යාලවල ඉහළ නිලධාරීන් මෙරට මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන්ම රාජිත සේනාරත්නගේ අදාළ ප්‍රකාශය පිළිබඳ හිතවත් මට්ටමින් කරුණු විමසා ඇති බවද වාර්තා වේ.
රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ එම ප්‍රකාශයෙන් යහපාලන ක්‍රමවේදයට අනුකූල නොවන කරුණු කිහිපයක් අඩංගු වන බැවින් එම කරුණු සත්‍ය වශයෙන් රජයේ තීන්දු තීරණයන් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇතිද යන්න සොයා බැලීමට එසේ මෙම තානාපති අංශ අවධානය යොමුව ඇති බවටද කරුණු වාර්තා වේ. (nethgossip)

Share this
|
|
0 Comment to "ඇමති රාජිත ෆොන්සේකා ගැන කී කතාව නිසා තනාපති අංශ සීරුවෙන්!"
Post a Comment