06 May, 2017

රෝස තිරිවානා කන්ද කළු වෙයි

Mount Rose is black-1

රෝස පැහැයෙන් බැබලුණ රෝස තිරිවානා කදු වැටියේ ඇතැම් ස්ථාන මේ වන විට අවපැහැ ගැන් වී තිබේ. ලොව තාක්ෂණික අතින් කොතරම් දියුණු තත්වයක පැවතියද රෝස තිරිවානා කදු වැටිය වර්තමානයේ පත්ව ඇති තත්වයෙන් බේරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් එය ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේදයක් සැකසීම ජාතියේ වගකීමක් බව ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ සදහන් කළහ.

කදු වැටියේ එසේ පවතින ස්ථාන මතුපිටින් දුරු වර්ණ වුවද එහි යටි ගල් තට්ටුව තවමත් රෝස පැහැයෙන් යුක්ත බව භූවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයක දී අනාවරණය වුයේ යැයි වනවාසී රාහුල හිමියෝ පැවසුහ.

'ජාතික නාමල් උයන පිහිටි භූමිය තුල අක්කර 600ක පමණ වපසරියක රෝස තිරිවානා කදු වැටිය පැතිර පවතී. දෙස් විදෙස් සංචාරකයින්ගේ මන බැදගත් සුන්දර ස්ථානයක් වු මෙම ජාතික සම්පත මෙකී තත්වයට මුහුණ පාවේ පාරිසරික පරිවර්තනයන් නිසා බව රාහුල හිමියන්ගේ හා මේ පිළිබදව පරීක්ෂණ පවත්වන විද්වතුන්ගේ මතය වී ඇත. අව්වට,වැස්සට හා පින්නට නිරාවරණය වී තිබීම මෙම තත්වය උදාවීමට මුලික හේතුව වන්නට ඇතැයි වනවාසී රාහුල හිමි පැවසුහ.'

වසර කෝටි 500ක් එනම් ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම රෝස තිරිවානා කදුවැටියද ස්වභාදහමේ ඇතිවීම නැතිවීම යන පොදු ධර්මතාවයට මුහුණ පා ඇති බවද රාහුල හිමියන්ගේ මතය වී තිබේ. ස්වභාවයෙන්ම නිර්මිත ලොව වටිනාම පාෂාණ වර්ගයකින් යුක්ත වු මෙම කදුවැටිය වත්මන් පරපුරට සියැසින්ම දැකබලා ගැනීමට නොහැකි වීම පිළිබදව තමන්ට ඇත්තේ මහත් කම්පනයක් බවද උන් වහන්සේ පැවසූහ.

මේ අතර රෝස තිරිවානා කදු වැටිය මෙම තත්වයෙන් බේරා ගැනීම සදහා ජපානයේ අවධානය යොමුවී ඇති බවත් රෝස තිරිවානා කදු වැටිය පිළිබදව ජපානයේ රූපවාහිනී නාලිකාවක විකාශනය වු වැඩසටහනකින් පසුව ජපන් ජාතිකයින්ගේ පැමිණීමද දිනෙන් දින වර්ධනය වී ඇති බවත් වනවාසී රාහුල හිමියෝ පැවසුහ.

එසේම මෙම කදු වැටිය අව් රස්මියෙන් ආරක්ෂා කර ගැනීම සදහා ආවරණයක් ලෙස ගලේ වැඩෙන විශේෂ ශාක වර්ගයක්(වැලක්) වැවීම කෙරෙහි අවධානයක් යොමු වී ඇති බවත් රාහුල හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

අමිල ප්‍රභාත් වනසිංහ (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝස තිරිවානා කන්ද කළු වෙයි"

    Post a Comment