08 May, 2017

දැහැන

Charm Girl Look out through window

කුණු ගඳ විදගන්න ඕනැනම් එන්න කොළඹට. අද කොළඹ හැමතැනම කුණු. මලු පිටින් කඳු පිටින් කුණු. හමන හැම සුළගකම දැනෙන්නෙ කුණු ගඳ. ඉඳුල් කුණුවල පණුවෝ සිරිසිරියේ. ඒවා පුච්චන්ටත් බෑ. හුණ්ඩු වගේ ගෙවල්වල ජීවත්වෙන මිනිස්සුන්ට කුණු දාන්ට කුණු පුච්චන්ට තියා අත පය දිගහැරලා ඉන්ට හිටින්ටවත් ඒ හුඟක් තැන්වල ඉඩක් නෑ. කොළඹ ජීවත්වෙන ගොඩක් මිනිස්සුන්ට ආණ්ඩුව මේ කුණු ප්‍රශ්නයට සාධාරණ සහ ස්ථීරසාර විසඳුමක් දෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඇත්තටම ඒ හැර ඒ මිනිස්සුන්ට කුණු ප්‍රශ්නයට වෙන විකල්පයක් නෑ. කොළඹ කුණු අපට එපා කියන කෑගැහිල්ලෙන් වැඩක් නෑ.

මහලොකුවට සහජීවනය සංහිදියාව ගැන කතා කරන රටේ කුණුවලට වර්ගවාදී ලේබල් අලවන්ට තරම් කුහකයන් වෙන්ට එපා. මේවා අරෙහෙ කුණු මේවා මෙහෙ කුණු. මේවා සිංහලයන්ගෙ කුණු, මේවා දමිළයන්ගේ, මේවා මුසල්මානුවන්ගේ කුණු කියලා වර්ග කරන්න එපා. කාගෙ නමුත් මේ ශ්‍රී ලාංකිකයන්ගෙ කුණු. මොකද කොළඹ ජීවත් වෙන්නෙත් ශ්‍රී ලාංකිකයෝ හින්දා. කුණුවල ජාතකය හොයන සියලු මහත්තුරු ඒ ජාතකේ හෙවිල්ල පැත්තක තියලා කොළඹට කුණු එන එක අවම කරන ක්‍රමවේදයක්, කොළඹ කුණු වලින් සාක්කු පුරවගන්න අපරාධකාර සල්ලාලයන්ට හොඳ උත්තරයක් දෙන ගමන් කුණු ප්‍රශ්නයට විසඳුමක් හොයන ක්‍රමයක් ගැන හිතන්න. මීතොටමුල්ලෙන් ස්වභාව ධර්මය රතු කොඩියක් වනලා පෙන්නුවා.

ස්වභාවධර්මය කෑ ගහලා කීවේ බෑ යකෝ තවත් මගේ හදවතට කුණු දරාගන්න කියලා. කුණු සැරට පිච්චෙන්නෙ මගේ හදවත, ගැඹුරටම බුර බුරා ඇවිලෙන්නේ මගේ හදවත කියලා. හැබැයි අපරාධකාර සල්ලාලයෝ නිදැල්ලේ ඉද්දී ස්වභාවධර්මය දඬුවම් කළේ එහෙව් වරදක් නොකළ මිනිස්සුන්ට. පරිස්සමින් ඉඳපල්ලා තවත් රතු කොඩි කා කා වෙනුවෙනුත් එසවෙන්න පුළුවන් මේ පිටාර ගැලුවේ මගේ අසීමාන්තික වේදනාව. කා පිටින් යවන්නද හිතන්න වෙලාවක් තිබුණේ නෑ. මගේ හිතේ වෛරය ඇවිලුෙණ් මුළු මානව සංහතියත් එක්කමයි. ඒ තමා සොබාදහමේ සාක්ෂිය.

අතීතයේ දවසක වැරදීමකින් කවුදෝ කියලා තිබුණා මේ තමා ලෝකෙන් ලස්සනම රට, ලෝකෙන් උතුම්ම රට කියලා. ඒ කියපු පරම්පරාව මරණයෙන් උත්තාන කරන්න පුළුවන්නම් කියලා හිතෙනවා ඇයි එහෙම කීවෙ කියලා අහන්න. අවුරුදු 35ක ම්ලේච්ඡ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තු රට, පාරවල් හදලා කල එළි කරලා ගොඩ නැගුව රට, මීතොටමුල්ල කුණු කන්දටත් විසඳුම දොරකඩටම ගෙනල්ලා තිබුණු රට උඩු යටි කරපු සියල්ලන්ටම හදවත හමුවේ වගවෙන්න වෙන නිමේෂයක් එයි.

අද යහපාලන රටට දවල් තරු පෙනිලා ඉවරයි.වසන්තයක සළකුණු ළඟපාතකවත් නෑ... එන්නෙ හැම දිසාවකින්ම කුණු ගඳම විතරයි. සීත කාමරවලින් එහෙම එළියට ඇවිත් නිදහසේ හුස්මක් අරන් බලන්න මහත්වරැෙණ් එන්නෙ කුණු ගඳ විතරමයි. (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැහැන"

    Post a Comment