
යනෙන මඟ තොට නිතර හමුවන
හැඟුම්බර නෙත් අදත් හඬවන
අතීතෙක නුඹ සිටිය දොරකඩ
කවුරුවත් නෑ මතක මිස අද
හඬන හඬවන දෙනෙත් පාමුල
ජීවිතේ ගිම් නිවන සෙනෙහස
අනන්තයකට නික්ම ගොස් ඇත
මතක මහමෙර තබා පාමුල
නුඹේ සෙවණැලි වැටෙන මානෙක
දම්පාට මල් විසුල මඟ තොට
ජීවිතේ නුඹ නැංග ගිරිහිස
පාමුලේ මම හුදෙකලාවක
රාත්‍රියකදී ඇවිත් බැස යන
සඳක අසිරිය නොවිඳ ලතැවෙන
ජීවිතේ මංමුලා මොහොතක
මතක් විය ස්නේහයේ පුරාවත
- Saara
Share this
|
|
0 Comment to "සිඳු තෙර"
Post a Comment