17 May, 2017

කැමරාව ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස 19යි - අනුෂා සොනාලි - Exclusive

Anusha Sonali-04

‘‘නොතේරුම්කමෙන් සමහර අය අයුතු ප්‍රයෝජන ගත්තා.."

‘‘ලංකාවෙ ජීවිතය වරද්දගත්ත එකම නිළිය මමද..?“

"මම ජිවිතේ වරදා ගත්තේ ආදරේ නිසා තමයි.."

අනුෂා සොනාලි කියන්නේ සිනමාව වගේම පුංචි තිරයත් එක්ක නිරන්තරයෙන්ම ගණුදෙනු කළ රංගන ශිල්පිණියක්. විසි දැල චිත්‍රපටිය නිසා ඇය කතාබහට ලක් වුණු චරිතයක්.90දශකයේ රංගනයට අවතීර්ණ වුණ අනුෂා විවිධ චරිත ඔස්සේ කැමරා කාචය ඉදිරියේදී දකින්න ලැබුණත් පසුගිය වර්ෂ හත අටක් ඇගේ රංගනය සිනමාවේ හෝ පුංචි තිරය තුලින් දකින්න ලැබුණේ නැහැ. ඒ ඇය මයෝපති නමැති මාංශ පේශි රෝගයෙන් එක්තැන් වුණ නිසයි. එදා හා අද ජිවිතේ තොරතුරු දැන ගන්න ඇයව හිරු ගොසිප් එක්ක කතාබහකට එකතු කරගත්තා. මේ ඇය ගැනයි.

අනුෂා ඒ කාලේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වුණත් පහුගිය වර්ෂ කිහිපයේදී ඔබව බොහෝ දෙනෙක් අමතක කළ චරිතයක් බවට පත් වෙලා හිටියා නේද..ප්‍රේක්ෂකයින්ටත් ඔබව අමතක වෙන්න ඇති නේද..?
මම රංගනයට අවතීර්ණ වුණ කාලේ ඉදලම ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත කෙනෙක්. බොහෝ අයට මාව අමතක වෙලා තිබුණාට මට ආදරේ කරන රසිකයින් පිරිසක් ඉන්නවා. මගතොටදී දැක්කත් ආදරෙන් කතා කරනවා.ෆේස්බුක් එකෙන් පවා හොද ප්‍රතිචාරයක් ලැබෙනවා.

අසනීප තත්ත්වය දැන් කොහොමද..ආර්ථික මට්ටමත් එක්ක ප්‍රතිකාර කරන්න අපහසු ඇති නේද..?
මම අවුරුදු හතරක ඉදලා එක්තැන් වෙලා ඉන්නේ. මයෝපති කියන රෝගය නිසා. නිසි ප්‍රතිකාරයක් තිබුණේ නැහැ. මම අසනීපෙන් කියලා දැනගත්තේ බොහෝ දෙනා ළගදි. මගේ යාළුවෝ කිහිපදෙනෙක් මට උදව් කළා. ඒ වගේම මගේ රසිකයින් උදව් කරන්න පටන් ගත්තා. දැන් තමයි මම ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ හරියට. තව දවස් කිහිපයකින් මම කළ පරීක්ෂණයක ප්‍රථිපල වාර්තාව එනවා. එතකොට තමයි දන ගන්න වෙන්නේ මගේ මාංශ පේශි කොයි තරම් දුරට අඩපණ වෙලාද කියලා. එතකල් කියන්න අමාරුයි සුව වෙන ප්‍රමාණය. විශ්වාස කරනවා යම්තාක් දුරට හෝ හොද වෙයි කියලා.

ඇතැමුන් කියනවා අසනීප තත්ත්වය මුවාවෙන් ඔබ මුදල් උපයනවා කියලා. ඒ කතාවට ඔබ දෙන පිළිතුර ..?
සමහරු මට එක එක කතා කියලා තිබුණා. මුදල් නැද්ද හම්බ කරපු සල්ලි කෝ වගේ කතා. නමුත් කියන්න ඕන මම හම්බ කළ මුදල්වලින් තමයි මගේ අම්මා තාත්තා වගේම මගේ ආච්චිව මම බලා ගත්තේ කියලා. මට පුතෙකුත් ඉන්නවා. පුතාව වගේම විවාහ නොවුණු පුංචි අම්මාවත් මම බලාගත්තේ .අපි ජිවත් වෙන්නේ කුලියට. දැන් මාව බලාගන්නේ මගේ පුතා. මට ආදායම් මාර්ගයක් නැහැ. මම පස්සෙන් ගිහින් ප්‍රසිද්ධ වෙන කෙනෙක්වත් ඒ මුවාවෙන් සල්ලි හොයන කෙනෙක්වත් නෙමෙයි. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඇත්ත නොදැන කතා කරන එක වැරදියි.


ඔබේ ජීවිතය වැරදුණේ මොන හේතුව නිසා කියලද හිතන්නේ..?
මම ජිවිතේ වරදා ගත්තේ ආදරේ නිසා තමයි. මගේ අවංකකම නිසා මම රැවටුණ අවස්ථා තිබුණා. මම රංගනයට ආවේ කිසි දෙයක් නොතේරෙන කාලේ. ඒ නොතෙරුම්කමෙන් සමහර අය අයුතු ප්‍රයෝජන ගත්තා. කලා ක්ෂේත්‍රයෙන් පිට අයගෙන් තමයි එහෙම වුණේ. ඒ වගේම අයුතු යෝජනා ආවා. මම විවාහ දෙකක් වුණ කෙනෙක්. දැන් පුතා විතරයි ඉන්නේ.

නිළියක් නොවුණා නම් ඔබේ ජීවිතෙත් වරදින්නේ නැහැ කියලා දැන් හිතෙන්නේ නැද්ද...?
එහෙම හිතුණු දවස් තිබුණා. නමුත් මට දැන් හිතෙනවා නිළියක් වුණත් නැතත් ජනප්‍රිය වුණත් නැතත් පෙර කරුමයක් තිබුණා නම් විදවනවාමයි කියලා. පෙර ආත්මයේ වැරදි වලට මේ ආත්මයේ දඩුවම් ලැබෙනවාමයි කියලා. ඒක මට වගේම කාටත් පොදුයි. සමහර මිනිස්සු කැමරාව ඉදිරියේ දකින චරිත සැබෑ ජීවිතයේත් එහෙමයි කියලා හිතනවා. ඒක වැරදියි. පොදුවේ මිනිස්සු වැරදි කරනවා. ජිවිත වරද්දා ගන්නවා. නමුත් ජනප්‍රිය අය කැපිලා පේනවා.

අනුෂා සොනාලි කියන්නේ වැරදි විදිහට ජිවත් වුණ නිළියක් කියලා විවිධ චෝදනා වලට ලක් වුණා වගේම කට කතා වැඩිපුර ඔබ ගැන ගියා. එහෙම නේද..?
කවුරු මොනවා කිව්වත් මම කව්ද කියලා මම දන්නවා. මගේ පව්ලේ අය මම ළගින් ආශ්‍රය කරන අය දන්නවා. ඒ නිසා මට ඔය කතා වැදගත් වුණේ නැහැ. ඒ වගේම ලංකාවේ ඉන්න ජිවිතේ වරදා ගත්ත එකම නිළිය මමද. ඒ විදිහට තමයි හැමෝම කතා කරන්නේ. අනිත් අය සුද්දවන්ත නැහැ. ජිවිත වැරැද්ද ගත්ත බොහෝ අය ඉන්නවා.

ඒ කාලේ රංගනය ගැන ඔබ අද සතුටින්ද...?
ඔව්. මම රගපාන්න ආවේ පුංචි කාලේ. විසි දැල චිත්‍රපටියේ මම රගපාද්දී මට වයස අවුරුදු 19යි. කැමරාව ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස 19යි. කිසිම අත්දැකීමක් නැතුව අධ්‍යක්ෂකවරයාගේ මෙහෙය වීමෙන් මම ඒ චරිතය හොදින් කළා. ඒ වගේම ගැමි චරිත මසාජ් ක්ලින්ක් එකක වැඩ කරන චරිතයක් වගේම විවිධ චරිත වලින් මාව දකින්න ලැබුණා. මට රංගනයේදී සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා සතුටක් තියනවා.

ඔබ චරිතාංග නිළියක්. නමුත් කැමරාව ඉදිරියේ හෝ අඩ නිරුවත් වෙද්දී දෙමාපියන්ගෙන් බලපෑම් ආවේ නැද්ද..?
මට දෙමාපියන් කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද ඒක රගපෑමක් විතරයි කියලා ඒ අය දන්න නිසා. මම චරිතයට ඕන විදිහට ඇන්දේ.

ජනප්‍රිය කාලේ නළුවෙක්ට පෙම්බැන්දේ නැද්ද..?
මගෙන් ආදරේ ඉල්ලපු නළුවෝ හිටියේ නැහැ.

ඔබේ පුතත් සල්ලාල ජිවිතයක් ගත කරන බවට සමාජයේ ඇතැමුන් කියනවා..?
කොහෙත්ම නැහැ. එයාට පෙම්වතියක් හිටියත් මට කියනවා. ෆොටෝස් පෙන්නනවා. කොහේ ගියත් කියලා යන්නේ. අපි ඉන්න ස්කීම් එකෙන් පිට එයාට යාලුවෝ නැහැ. එයා නරක විදිහට ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒක මේ පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.

Anusha Sonali-02

Anusha Sonali-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැමරාව ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස 19යි - අනුෂා සොනාලි - Exclusive"

    Post a Comment