23 April, 2017

වේගය සමග නිමවූ ඉරණමක ජීවත් වූ අැය

The Fast and the Furious-08-I

ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්' චිත්‍රපටය පිළිබඳව අමුතුවෙන් කතා කිරීමට උවමනාවක් නැත. ඒ සඳහා රොද බැඳුණු රසික පිරිස පිළිබඳව කතාබහ කිරීමේදී ඔවුන්ගේ දෙනෙතේ කඳුළු මැවුණු පුවත්ද නැතුවාම නොවේ. බොහෝදෙනා විමතියට පත්වූයේ පෝල් වෝකර්ගේ මරණයෙන් පසුව මෙම චිත්‍රපට මාලාවේ කලදසාව කුමක්ද යන්නයි. මෙයට පිළිතුරු දෙමින් ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් හත්වැන්න ජයග්‍රාහී කඩඉමක් පසු කළේය.

මේ දිනවල විදෙස් මාධ්‍ය බොහෝ අවධානයක් යොමුකර ඇත්තේද මෙහි අටවැන්න සඳහාය. වේගය සමග නිමවූ ඉරණමක් නිසා එහි 08 වැන්න The Fate of the Furious වූ බව ඇතැමුන්ගේ මතයයි.

කෙසේවුවත් මෙම චිත්‍රපට මාලාව තුළ කතාබහ කෙරෙන ප්‍රධාන චරිත 04ක් තිබේ. ඒ වින් ඩීසල්, ජේසන් ස්ටැතම්, ඩ්වෙන් ජොන්සන් සහ වින් ඩීසල්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වන මිචෙල් රොඩ්රිගූස්ය. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් ප්‍රමාණයද මෙම වර්ෂයේ ඉහළ ගිය බව සඳහන් වේ. එයට වන්නට ඇත්තේ මෙම චිත්‍රපට බව බොහෝදෙනාගේ මතයයි.

38 වැනි වියේ පසුවන මැය ක්ෂේත්‍රය තුළ බොහෝ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ මෙම චිත්‍රපට මාලාව තුළිනි. එයට හේතු වන්නේ ඇයගේ රිය පැදවීමේ හැකියාව බව ඇතැමුන් හාස්‍යයට මෙන් පැවසුවත් එය සත්‍යයක් බව ඇය පවසයි. කිසිදු පැකලීමකින් තොරව ඕනෑම වේගයකින් මෝටර් රථයක් ධාවනය කිරීමේ හැකියාව තමාට ඇතැයිද පවසන්නීය.

2000 වර්ෂයේදී Girlfight චිත්‍රපටයෙන් ඇයට ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබුණි. ඉන්පසු The Fast and the Furious චිත්‍රපටය ඔස්සේ දෙවැනි වරට සිනමාවට එක්වන්නේ 2001 වර්ෂයේදීය. එය ඇයගේ හැරවුම් ලක්ෂය විය. එම චිත්‍රපටය ඇයගේ සිනමා ජීවිත කෙතෙක්දුරට වෙනස් කළාද යන්න ක්ෂේත්‍රයේ බොහෝදෙනාගේ කතාබහට ලක්විය. එතැන් පටන් ඇය වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනු ලැබුවාය.

2001 වර්ෂයේදී 3 A.M. ඔස්සේ නැවත කතාබහට ලක් වූ මිචෙල් මෙම චිත්‍රපටයෙන් පසුව බොහෝදෙනා හැඳින්වූයේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ සිටින චරිතාංග නිළියක් ලෙසිනි. 2002 වර්ෂයේදී ඇයගේ තෙවැනි නිර්මාණය වූයේ බෝක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් වන Resident Evil චිත්‍රපටයයි.

ඇය පිළිබඳ කතාබහ කළහොත් බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් තිබෙන බව පැවසිය යුතුය. 2003 වර්ෂයේදී එළිදැක්වූ S.W.A.T. චිත්‍රපටයෙන් පසුව පුංචි තිරය සඳහාද එක්වූ ඇය රූපවාහිනී කතාමාලා සඳහාද දායක වූවාය. 2003 වර්ෂයේදී විකාශනය වූ ඇගේ පළමු රූපවාහිනී කතාමාලාව වූයේ Slavi's Show කතාමාලාවයි. ඉන්පසු මිචෙල් නැවත රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වූයේ 2005 වර්ෂයේදීය. ඒ Punk’d රූපවාහිනී කතාමාලාව සඳහායි.

2005 වර්ෂය වනවිට විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට 02ක් තිරගත විය. කෙසේවුවත් 2017 වර්ෂය වන විට ඇය විසින් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 30කි. මේ කාලය අතරතුරදී රූපවාහිනී කතාමාලාවන් 09 ක් සඳාහාද ඇය දායක වූවාය. ඊට අමතරව මියුසික් වීඩියෝ දෙකක් සඳහාද දායක වී තිබේ. ඇය සම්මානලාභී නිළියක් බවද කිවයුතු කාරණාවකි.

හොඳම නිළිය සහ හොඳම සහය නිළිය ලෙසද සම්මාන 07ක් දිනා තිබේ. චරිතාංග නිළියක් මෙන්ම ත්‍රාස්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමුවන නිළියක් ලෙසද ඇය බොහෝ ප්‍රසිද්ධියක් උසුලනයි. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වේගය සමග නිමවූ ඉරණමක ජීවත් වූ අැය"

    Post a Comment