27 April, 2017

තරුණියකගේ කට වසා සිහි නැති කොට අතවර කරන්න ගිය හිටපු කොස්තාපල් රිමාන්ඩ් භාරයට

rape-girl-03

උෟර්කාවට්තුරෙයි ප්‍රදේශයේ රැකියාවකට පැමිණි හිටපු පොලිස් නිලධාරියකු නිවෙසක තනිව සිටි කාන්තාවකට සිහි නැති කර අතවරයක් කිරීමට උත්සාහ කර තිබේ. මේ සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලිසිය වෙත භාර දී ඇත.

උෟර්කාවට්තුරෙයි ප්‍රදේශයේ නිවෙසක ඉකුත් ඉරිදා මධ්‍යහ්න 12.30ට පමණ මේ සිද්ධිය වී ඇත. නිවෙසේ නිදා සිටි 18 හැවිරිදි තරුණියකගේ කට වසා සිහි නැති කොට එම තරුණියට අතවරයක් කිරීමට මොහු උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ සැකකරුගේ ග්‍රහණයෙන් කෙසේ හෝ බේරී කෑගැසීමට තරුණිය සමත් වී ඇත. ඇයගේ කෑගැසීම ඇසුණු ගම්වාසීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සැකකරු පැන යෑමට උත්සාහ ගත්තද ගම්වාසීන් ඔහුව අල්ලා කණුවක ගැට ගසා උෟර්කාවට්තුරෙයි පොලිසිය වෙත භාර දී තිබේ.

සැකකරු මඩකළපුවේ කලුවාන්ජිකුඩි ප්‍රදේශයේ පදිංචි වයස 35ක් පමණ වන පුද්ගලයකු බවත් හිටපු පොලිස් නිලධාරියකු බවත් පොලිසිය විසින් වැඩ තහනමට ලක් කළ පුද්ගලයකු බවත් උෟර්කාවට්තුරෙයි පොලිසිය සඳහන් කරයි. ලබන මස 5දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

යාපනය - ඒ. සිවලිංගම් (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණියකගේ කට වසා සිහි නැති කොට අතවර කරන්න ගිය හිටපු කොස්තාපල් රිමාන්ඩ් භාරයට "

    Post a Comment