26 April, 2017

ගෙදර කවුරුත් සිටියේ නැ - අයියගෙන් බේරෙන්න වුණේ නෑ - එදා ඉඳලා හොරෙන් වරින් වර එකතු වුණා

Rape-School Girl-02

"ඇඳට කතා කළා - මම අකැමැති වුණා"

"ගෙදර කවුරුත් හිටියේ නැ. එයා මට ඇඳට කතා කළා"

"අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා"

"අපට සමාජයට මුහුණ දෙන්න බෑ. අපිටත් වහ ටිකක් කන්න හිතිලා තියෙන්නේ"

තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් පසුගියදා හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

සැකකරුගේ නැගණිය වන 13 හැවිරිදි පාසල් සිසුවිය ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන අතර පසුව හෙළිවුනේ එම සිසුවිය ගබ්සා කිරීමකට ලක්කිරීම හේතුවෙන් අදාළ රෝගී තත්වයට ගොදුරු වී ඇති බවයි.

එම දැරියගේ කුස තුළ වැඩුණු මාස හතක නොමේරූ මළ දරු උපත සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයාගේ තීරණයකට අනුව චෝදනා ලබන එම දැරියගේම 16 හැවිරිදි වැඩිමහල් සොහොයුරා පිළිබඳව නීතිමය පියවර ගැනීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළ බව හලාවත පොලිසිය පවසනවා.

මෙම මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී පැවැත්වුණා. මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සිද්ධියට සම්බන්ධ හලාවත ප්‍රදේශයේ පාසල් දැරිය මෙසේ පවසා ඇත.

"මම හලාවත පාසලක නවය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. මට අවුරුදු 12යි. ගිය අවුරුද්දේ දවසක් මම පාසල ඇරිලා සවස ගෙදර ආවා. මම පාසල් ඇඳුම් මාරු කරලා කෑම කාලා ටීවී බැලුවා. එතකොටම ලොකු අයියත් පාසල් ඇරිලා ගෙදර ආවා. ගෙදර කවුරුත් සිටියේ නැ. එයා මට ඇඳට කතා කළා. මම අකැමැති වුණා. ඒත් මට අයියගෙන් බේරෙන්න හම්බ වුණේ නෑ. එදා ඉඳලා මේ වෙනකන් අපි ගෙදර අයට හොරෙන් වරින් වර එකතු වුණා. අම්මට මේ සිද්ධිය කියන්න බය හිතුණා. මගේ බඩ හොඳටම කොරවෙන්න ගත්තා. හොඳටම අමාරු වුණ නිසා අම්මලා මාව හලාවත ඉස්පිරිතාලෙට එක්කගෙන ආවා. මට ‍දොස්තර මහත්වරු බේත් කළත් මම මොනවත් දැක්කේ නෑ."

සිද්ධිය සම්බන්ධයෙන් මෙම දරුවන් දෙදෙනාගේ මව මෙසේ පැවසුවා.

"දරුවන් පිළිබඳව අපට කිසිම සැකයක් හිතුණේ නෑ. අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැති නිසා කුලී වැඩට ගියා. මෙයාලා සහෝදරයෝ නිසා දාලා ගියේ. ඒත් මෙවැනි අපරාධයක් ගැන හීනයකින්වත් හිතුවේ නෑ. අපට සමාජයට මුහුණ දෙන්න බෑ. අපිටත් වහ ටිකක් කන්න හිතිලා තියෙන්නේ". මළ දරු උපත සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කළා.

වෛද්‍ය වාර්තාව සහ සාක්ෂි සැලකිල්ලට ගත් හලාවත හදිසි මරණ පරීක්ෂකවරයා මෙම සිදු වී ඇති මරණය බාලවයස්කාර දැරියකගේ කුස තුළ කලලයක් අසම්පූර්ණව වැඩීමත් ආරක්ෂා නොවීමත් හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට තීරණය කළා.

තවද දෑ සමස්ත සමාජය තුළම අනුමත කළ නොහැකි මෙවන් අපරාධවලට මවුපියන් වැඩිහිටියන් හා ගුරුවරුනුත් නව අධ්‍යාපන ක්‍රමයත් වගකිය යුතු බවත් විශේෂයෙන් නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයේදී තවමත් අපේ රටේ ක්‍රමවේදයක් හෝ නීති පද්ධතියක් නොමැති වීමත් මෙවැනි අපරාධවලට ප්‍රධාන හේතු කාරක වන බව පවසන ඔහු අනිවාර්යයෙන් දරුවන්ගේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේ කාලය එළැඹ ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර සහෝදරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් පොලිසියට දන්වා ඇති බවයි පැවසෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙදර කවුරුත් සිටියේ නැ - අයියගෙන් බේරෙන්න වුණේ නෑ - එදා ඉඳලා හොරෙන් වරින් වර එකතු වුණා"

    Post a Comment