15 March, 2017

82 වියෑති කතට රැයක්‌ එළිවනතුරු අමානුෂික ලෙස අතවර කළ 35 හැවිරිදි නරුමයා

rape-kids

තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ 82 හැවිරිදි අවිවාහක කාන්තාවක්‌ රැයක්‌ මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළේ යෑයි මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාර්තු 16 වන දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මෙනවිය පසුගියදා නියෝග කළාය.

සැකකරුට අදාළව කැඳවන ලද ඩී. එන්. ඒ. වාර්තාව සහ පරීක්‍ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක්‌ මගින් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්තුමිය මෙහිදී මීටියාගොඩ පොලිසියට දැනුම් දුන්නාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මැටිවල, තෙල්වත්ත ලිපිනයේ පදිංචි වලකඩ ගමගේ සුදත් කුමාර (35) නමැති අයයි. තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ
පදිංචි අගම්පොඩි සුගුණවතී (82) නමැති කාන්තාව මීටියාගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව තනිව නිවසේ සිටින බවත් නිවස ආසන්නයේ අවට නිවාස කීපයකම ඥාතීන් ජීවත් වන බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රි 7.00 ට පමණ සැකකරු නිවසට ඇතුල් වී ඇති බවත් සැකකරු රාත්‍රිය මුළුල්ලේම නිවසේ සිට ඇති බවත් මීටියාගොඩ පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

අතවරයට පත් කාන්තාව ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකී වර්ෂාහැන්නදි මහත්මිය වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්‌ද ලබාගෙන තිබේ.

මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත පොලිස්‌ සැරයන් සනත් මෙන්ඩිස්‌ (18496) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වීය.

-අනුර යසමිත් - බළපිටිය_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "82 වියෑති කතට රැයක්‌ එළිවනතුරු අමානුෂික ලෙස අතවර කළ 35 හැවිරිදි නරුමයා"

    Post a Comment